Wednesday, 31 October 2012

අපට අප හිමි නෑ


මෙතැනින් වීඩියෝව බලන්න


මම සස්වාමිකයි ස්වාමි.


වීඩියෝව මෙතැනින් බලන්න 



Tuesday, 30 October 2012

ඉර හඳ යට


වීඩියෝව මෙතැනින් නරඹන්න



Monday, 29 October 2012

අපි නතර නොවීමු



අනමතග්ග භික්ඛවෙ සංසාරො..
මහා දුරක් ඇවිත්
ඇරඹුව තැනක්..නතර නූන තැනක්
මුලක් මැදක් අගක්
කෙසේ සොයන්නද...

පුබ්බාකෝටි න පඤ්ඤායති...
ඉමක් කොනක් 
පෙන්වන්න බැහැ....

අපි අත්වැල් බැඳගෙන 
මේ දුර ආවෙමු..........
මේ ගමනේදී මම නුඹට
මවක් උනෙමි..පියෙක් උනෙමි..
පුතෙක් උනෙමි..දුවෙක් උනෙමි..
ස්වාමියෙක් වූවෙමි...බිරිඳක් වූවෙමි..
සතුරෙක් වීමි...මිතුරෙක් වීමි.....
නුඹට මම යමෙකු නොවූ 
යම් අවදියක් නොවේය...

අවිජ්ජා නීවරනානං තන්හා සංයෝජනං
සන්දාවතං සංසරතං  මමඤ්ච තුම්හාකඤ්ච

මුලාව සහ නොදැනීම නම් වූ
වලාපටලයෙන් වැහිලා.....
ආශාව ඇලීම නම් මැලියම් ගල්වා
නුඹත් මමත් 
කෙතරම් දුරක් ආවාද....

අදත් අපි ඒ දිහාවටම
ඇවිද යමින් සිටින්නෝ
නොවෙමුද?????

මතක සොහොනෙහි චිතකයේ



සැඳෑ අඳුරට ඉඩදී
ගියා හිරු සැඟවී...
කඳුලු බිඳුවට ඉඩදී
වැසී යයි නෙත පියවිලී...

වසාලන හිස් අහස මේ කුළු
ඇතිකරයි නම් මහා අඳුරක්
දැනෙයි ඒ ඝන අඳුරමයි 
සිත වසාගෙන ගිගුම් දෙන්නේ

හදට දැනෙනා ලයම දැවෙනා
නැගී එන මේ මහා ගිණිකඳ
දවයි ඒ ගිනි ජාලයේ මා
මතක සොහොනෙහි චිතකයේ..

සිත පුරා



මහා මේඝයක් වාගේ
මහා ගින්දරක් වාගේ
මහ ගංවතුරක් වාගේ
දැනෙනවා වෙලෙනවා
සිත පුරා......

මඳ පවනක වෙස් ගන්නට
සඳ සිසිලක සුව දෙන්නට
මල් වැස්සෙන් නහවන්නට
හැකි වේද මේ මහකල්පෙට
දැනෙනවා...වෙලෙනවා
සිත පුරා..

පිපාසෙට දිය බිඳ නොවී
සමුදුරක රැලි එයි නැගී නැගී
වළාවට බියපත් නොවී
සඳ ඇයිද සැඩ හිරු මෙන් නැගී
දැනෙනවා...වෙලෙනවා
සිත පුරා..



Sunday, 28 October 2012

අතීත සිහිනය


වීඩියෝව මෙතැනින් බලන්න

එවිට

සුවඳයි
මල...
පෙති විදහූ
කල..
බමරුන්
රොද..
බැඳගත්
කල...
සඟවනු
නැත..
එදවස
ගැන..
රිදුනයි
සිත..
දෙනෙතේ
තෙත..
නොකියා
යන..
මදනල
වෙත..
මදහස
දෙන..
සිතකය නැති
බඹලොව
මෙන..

Tuesday, 23 October 2012

ඈතට ගිය නුඹ


වැස්සට දිය වෙන වැහි වලාකුලක හැඩ
දුටුවම සිහිවෙන එකම දෙයයි මට
මා දියකර හැර  ඈතට ගිය නුඹ
වැස්ස වගෙයි මා තුලින්  උපන් බව....

අහස සිඹින්නට මෙරුන් නගිනවා
සත් දිනකින් උන් හැම මියයනවා
නුඹව සිඹින්නට සිතක් නැගෙනවා
නැ‍ගුනු නැගුනු සිත හදෙහි මැරෙනවා..

අඳුර නසන්නට විදුරවිය ඇඳෙනවා..
අඳුර විසින්      විදුරවිය ගිලිනවා..
නුඹ සනසන්නට පිපි පෙම් කුසුමෙහි
පෙති වනසන්නට  නුඹෙ නිය ඇදෙනා..

ලාදළු තණපත් මත වැතිරී ගෙන
පිණිබිඳුවක් ගෙන නුඹෙ මුව දෙව්වා
ඒ තණපත් මත දර ගිණි අවුලා
ගිනි තපිමින් නුඹ තනිව හිනැහුනා....




Sunday, 21 October 2012

මන්දාරම්





මන්දාරම් වලාකුලේ
සිත්තම් වන තෙලි තුඩු සිතුවම්
විදුලිය රේඛා ඔබයි....
මා සිත් අහසේ ඇති වී නැති වී
සැඟවී යන අරුතින්....
සේදී යන්නට නොදී...
වැහි බිදු අතරට.......
දෑස් පියවිල්ලේ...
දෑස පියාගෙන සිතිවිලි අතරට
කැඳවා ගෙන යන්නම්...

මන්දාරම් අඳුර ගලාගෙන
සළුපිලි දවටා හොරෙන් හොරෙන්
කණාමැදිරියන් පමණයි ඉන්නේ
එනවිට නුඹ සිත් ගෙපැලට
පෑල දොරෙන් රිංගා.....
කැඳවාගෙන යන්නම්....
හදවත් කුටියට මතක සයනයට
සතපා‍ලන්නට ස්නේහයෙන්....

මන්දාරම් පාලුව අද්දර
ජයමංගල ගී කිසිවෙක් නොගැයුවද
රෑ සියොතුන් පළගැටියන් දෙන නද
නුඹ නිදනා විට මා ලය අද්දර
ඇසෙයි කාටත් හොරෙන්..
කොහෙදෝ ඈත ඉඳන්....

සිතිවිලි සළුවෙන් නුඹෙ ගත පොරවා
බලා හිඳිමි නුඹෙ නින්ද දිහා...





Saturday, 20 October 2012

අනේ ඉතින් නුඹ ඇවිදින්




රෑ මැදියම හිරු පිපේවි
මද්දහනේ සඳු නැගේවි
බිම්මල් වෙත බඹරු වඩිති
හිම ගිර ගිනි මැල දල්වති...

අනේ මගෙන් ඈතට ගිය
මගෙ සිත සොරකම් කර ගිය
නුඹ ඇවිදින් හොර හොරාම
මගෙ හිස පිරිමදිනව නම්....

අහසට බැඳි ඉනිමං වල
ලියවැල් වැද මල් පිපේවි
සසර පුරා ඇවිද යන්න
තැනු මාවත වල් වැදේවි..

අනේ මගෙන් ඈතට ගිය
මගෙ සිත අසරන කර ගිය
නුඹ ඇවිදින් රෑ පුරාම
මට නැලැවිලි ගී කියනවා නම්...

මුවදොර - The River Mouth


















මුව දොරින් ගඟ 
බලා...සයුර වෙත
හෙමිහිට ඇදි ඇදි 
එකතු වෙලා.....

Tuesday, 16 October 2012

මා පයට තණනිල්ල






පෙරදා රාත්‍රියේ
දිලිසෙන වළාකුල් දියවෙලා
දියමන්ති වරුසාවක්
ඇද හැලිලා...
පාර පුරාම දියමන්ති...... 
හිමිදිරියේ නගන පියවරක් පාසා
මගෙ දෙපා......
කැබලි කැබලි වලට
කැපී ගියා.........
මගේ දෙපයින් ගලා ගිය 
රක්තවර්ණ අමු ලේ දහරාවෙන්
දියමන්තිය කිළිටි උනා...
මම...
මා පයට තණනිල්ල සොයා
වනයට ඇදුනා..
බොල්පිණි කැට තණපත් අග
දැවටිලා....
මගේ ලේ සෝදා දැමුවා....
තණපත්ද ...
මගේ දෙපයින් ගලා ගිය 
රක්තවර්ණ අමු ලේ දහරාවෙන්
කිලිටි වෙලා......

Monday, 15 October 2012

එහා ඉම



නිවාඩුවද
මධුසමයද
අදින් අවසන්ය....
සිහිය පිහිටුවා ගන්නා
හෝරාව එළැඹ ඇත...
රෑ දුටු සිහිනයන් 
නින්ද පවතින තෙක්ය...
පිණිබිඳු හිරු පායන තෙක්ය....
හමුවීම වෙන්වීමෙන් අවසන් වන තෙක්ය..
සැප දුකෙන් කෙළවර වන තෙක්ය..
ජීවිතය මරණයෙන් අවසන් වන තෙක්ය....
වධකයෙක් පසුපසින් එමින් සිටියි..
ගෙල සිඳ දමන්නට...
පහණ නිවී යන්නට පෙර
පමා නොවී
හාත්පස බැලිය යුතුමයි..



Thursday, 11 October 2012

නිම්හිම් සෙව්වා මම




                                              වීඩියෝව මෙතැනින් බලන්න

              

                           




Wednesday, 10 October 2012

එපා සගවන්න


වීඩියෝව මෙතැනින්







ඉතින් මට බැහැ



වීඩියෝව මෙතනින් බලන්න



Tuesday, 9 October 2012

අභිෂේක යාමය


ගීතයේ වීඩියෝව මෙතැනින් බලන්න



Saturday, 6 October 2012

නුඹේ තුල සිටින නුඹ


නා ගසෙක දළු වගෙයි
ඔබෙ දෙතොල් පෙති සැලෙයි...
මඳ සුළඟ වැදෙන විට
ඔබෙ සුසුම් රැල් වගෙයි.....
නුඹෙ ලැමට නොවෙයි මම
ලයට තුරුළුව හිඳිමි
නුඹේ හද ගැස්ම මම 
නෙතු පියා අසා ගෙන....
එවිට මම දැනගනිමි
ලොවේ කවුරුත් නොදුටු
නුඹේ තුල සිටින නුඹ
සැබෑ ලෙස තිර ලෙසම....



හැමදාම ආදරෙයි






ඔබෙ දෙතොල් පෙති ලිහා
මතුල හසරැල් නගා
පිපෙන සිනහවට වඩා....
ඔබෙ දෙතොල් පෙති පියා
නැගෙන මාරුත නිසා
මගෙ නෙතට නැගෙන ඒ
කඳුලු බිඳු වලට මම
හැමදාම ආදරෙයි

Thursday, 4 October 2012

සදාතනිකවු කිසිත් නැති කල





















සදාතනිකවු කිසිත් නැති කල
සනාතනිකවු වේදනාවේ වැතිරී...
තුෂර බිඳු වැනි සතුට සොය සොය
මහා සාගත නියං සායේ
ඇවිද යන්නෙමි...මම ඔහේ...

අතට හසුවන මානයේ වත්
නෙතට හසුවන මානයේ වත් හෝ
සිතට දැනෙනා මානයේ වත්
දිය බිඳක් නැහැ සාගතේ ඇවිලේ....

දෙතොල් වියැලී නෙතට නිදි නොදී
ගතම සැලෙනා මරණ මංචකයේ
හඬන්නට වත් නෙතක තෙත් නැති
නාඳුනන යම් කෙනෙක් හෝ වෙද
පසට යටකර දමන්නට කය???
අනේ එතරම් දරුනු ලෙස තනිවී....

සොයන්නට නැති කළුණිකක් වැනි
සතුට සොම්නස හිමව් අරනේ හෝ....
කන්ද නැග නැග දකින්නට රිසි
තැන්න කොතැනක අනේ නෑ දිස් වී...











එපා සිත රිද්දන්න




















අහස්කුස අරා හිඳ
මහ වනය බබුලුවන
සුපුන් සඳ යම් සේද
මම නුඹට එළිය දෙමි...

පෙර නොවූ දෙයක් නොව
පුරුදු කල අයුරින්ම
සංසාරයෙන් එළැඹි
සහන් එළියක් සේම.....

පහන් පැල අද්දරම
සුවඳ දෙන මලු කැකුල
නුඹ ඉතින් පර නොවෙයි
මගේ හිරු කිරන වැද...

එපා සිත රිද්දන්න
මොහොතකටවත් ඔන්න
නුඹ මගේ නොවේ යැයි
මොහොතකට නොසිතන්න..

මල අයිති ගසට මය
ගස අයිති මුලට මය
මුල කිඳා බැස ඇත්තෙ
සෙනෙහසේ පොලොවටයි...
ඒ පොලොව මම ම වෙමි
ඒ ගසද  මම ම වෙමි
ඒ ගසට අයිති මල
මගේ මැ යි මගේ මැයි...

බෝසත් කම වගේ දැනෙන





















බෝසත් කම වගේ දැනෙන
ආලවඩන සිනා..
මන්දහාස මුවකමලම 
දැනෙයි වගේ ඉනා......
සංසාරෙම හිටියා අපි 
අපේ වගේ වෙලා......
සැඟ උනාට මෙතෙක් කලක්
නුඹ මගේම උනා........

Wednesday, 3 October 2012

මේ සිතම සුනිල නෙත් වෙයි...




යලි නොයන්න මේ විජිතෙන්
මහ පවුරු වලට එපිටින්......
හමු නොවුනත් දෑස් වලින්
මේ සිතම සුනිල නෙත් වෙයි...

ඇවිලෙන්න එපා ගිනිදැල්
කය දවන තවන   විලසින්
අතැඟිල්ලක තුඩ දැවටූ
රන් මලක් පමණි නුඹ නම්...

තෙලි තුඩක ඇඳුනු සායම්
කෙලි කවට සිනා  සිතුවම්
හැරයන්න ඉතින් සැබැවින්
මේ විජිතය නුඹෙයි ඉතින්..


Tuesday, 2 October 2012

එන්න සඳ එළියට




වන අරණක          සුපිපුනාද
නියම් ගමක  නොනැවතුනිද
ඝෝර සපුන් සමග          වීද
එයින් නුඹේ සිත       රිදුනද

කවුළුවෙ දොර    වසාගෙනද
පෝය දාට  වත්       නැතිවද
අඳුරට ඔතරම්          කැමතිද
සැමතැන රුපු සතුන්     වේද

කැමැත්තෙන්ම අතරමං ව 
ඝන වනයේ   අන්ධකාරෙ
අඳුරු ගුහාවක සිටිනා
කාලය දැන්වත් ඉවරද.....

ඇවිත් එන්න එළිපත්තට
ලෝකය දෙස නෙත් යොමන්න
අඳුර පහව යන තුරාම
හිරු සඳු දෙක පායන හැටි...
පහන්තරුව දොල ගාවට
පාර කියන හැටි බලන්න..
සඳකත්මිණ පහන් වැටියෙ
නොනිමි දැල්ල දෙස බලන්න...
කෙදිනක වත් නොතිබුනාවු
සුදමුදු එළියක් කොයින්ද??