Saturday, 29 September 2012

පුරාණ ගණිකාව



























මම....
ඝන රන් පැහැ සිරුර දරා
යස ඉසුරින් රූප ශොභා
මත් කලෙනෙමි සලෙලු දනා
යෞවනයේ මධු ද පොවා
අන් අඟනුන් පරදවලා........

Friday, 28 September 2012

කලෙමි පුනරාගමනය




















සිත නම් 
මහ ගංගාවේ 
උපනූපන් 
සිතිවිලි ප්‍රවාහය දෙපස වූ
දෑලවරෙන් නික්මී..
පුනරාගමනය 
කලෙමි.....

Tuesday, 25 September 2012

සසර පුරාවට





පිණිබිදු දෙපයට...
පාගා ගෙන..සදගිරි පව්ව මත
දේදුන්න දෙස බලා සිටියා මම
ඇසිපිය නොහෙලාම ...
සංසාරෙ පුරාවට.........
පාට......පාට......පාට...ලස්සනට..

ඇස ඇලී ගියා..ඇස බැදී ගියා..
සිත ඇදී ගියා...වෛවර්ණ අඩවකට

හිරු පායා එන විට..පිණිබිදු ගිලිහුනා
තණපත් අතරින්...පොලොව පුරාවට
හිරැ බැස යන විට...දේදුන්න ගිලිහුනා
වලාකුල් අතරින්...විශ්වය පුරාවට

නිරුවත් දෑසින් නිරුවත් දෙපය දෙස
නෙත් යොමා බලන විට
බොල් තුඹසක් මත සිටගෙන සිටියෙමි
මෙතෙක් සංසාරෙ පුරාවට....

කුමක් කියන්නද





ඔබ මගෙන් ඇහුවා
මා සතුටින්ද කියා......
මම කුමක් කියන්නද???
සතුටට මා හැඩුවා....
දුකට සිනාසුනා.........

ආපසු හැරෙන විට





මේ ශරත් කාලයද නොදනිමි
මේ ශීත සෘතුවද යැයි නොදනිමි
මේ ගිම්හාන සමයදැයි නොදනිමි ...
මේ වසන්තය දැයි නොදනිමි ....

මේ කිනම් ධ්‍රැවය දැයි නොදනිමි ....
සමකය කොතැනදැහි නොදනිමි
නිවර්තන කොහේදැයි නොදනිමි

අකල් වැහි ඇද වැටී
නොකල් මල් පෙති ලිහී
විකල් සුළගේ පාව
බොහෝකල් ගෙවිගෙවී ......

ඉතින් දොර කවුලු ලග
නෙතින් බලබලා ඉද
නොතින් යම් පෙලහරක්
සිතින් නුඹ පතනවද ....

ශීත හිම වැටෙන කල
හිරු මඩල ගිනිගනියි
මහදවල් මද්දහනෙ
පෝය සද වැඩහිදියි

ඇස් කෙවෙනි රිදෙන තුරු
බලා සිට බැරිතැනම
ආපසු හැරෙන විට
නුඹ කොහෙන් මතුඋනිද ...??

Monday, 24 September 2012

ජීවිතයේ අවන්හලට




සිත......................
ජීවිතයේ අවන්හලට
පෑයූ සඳ බැස ගියාම...
බමණ මතින් රැඟූ රැගුම්
අඳුරු ගැබක සැඟඋනාම..
තරු එළියක් ගලා ඇවිත්
කවුළු දොරෙන් හෙමින් සැරේ.
මධු මීවිත හිස් වී ගිය
නුරාබඳුන් පෙනෙනවාද......

හරි පුදුමයි පෙනෙන දසුන්
මෙතෙක් කලක් නොපෙනුනාට..
පාලු සොහොන් කොත් තනිවුනු
සුසානයක් වගෙ නොවේද...

බමණ හිසට සැනසිල්ලක්
මීවිත යලි ගෙනෙනවාද
ජීවිතයේ අවන්හලට
ආයෙත් නුඹ ඇදෙනවාද??

Sunday, 23 September 2012

ඉවසුවෙමි



ඉවසුවෙමි මම
පුණ්ණ තෙරුන් සේ..
නිය අගින් ඔබ
මා‍ කොනිති ගසන විට..
මට නොරිදෙන විටදි
ඔබට රිදුනාදැයි නොදනිමි..
ඉවසුවෙමි මම
ශාන්තිවාදී තපස්වී සේ
මගේ අඟපසඟ ඔබ
සිඳ දමන විටදිත්
මට හැඬුම් නොඑන විට
ඔබ හැඬුවාදැයි නොදනිමි..
ඉවසුවෙමි මම
වක්ඛලී භික්ෂුව විලස
මගේ ගෙල සිඳින කල ඔබ..
මා මිය ගියද
ඔබ මියාගියාදැයි නොදනිමි..

Saturday, 22 September 2012

එතෙරට

කාලයේ අරුමය





කල්ප ගනන් දෙදෙනෙකු වී
සිටි අපි......
අසුරු සැනෙකට
එකෙකු වී....
නැවත වෙන්වී පියවර නැගුවා
කල්ප ගනනකට
දෙ‍දෙනෙකු වී.....

Saturday, 15 September 2012

සෙනෙහසේ නගරය





රචනය - හේමසිරි ගුණතුංග - සංගීතය  රෝහන වීරසිංහ

ගායනය - අමරසිරි පීරිස්  මැණික් ජයසේකර