Monday, 7 May 2012

දුකම බව දැනුනා....

Image
අනන්තය තුල ගිලෙනා
ඉම කොනක් නොදැනා
රංචු ගැහෙනා තරු රෑනේ
තරු නෙතක් දිලිසුනා....
අඳුර ගලනා හැන්දෑවේ
සඳ ද නතර වෙලා
ඉරත් මුහුදේ ගිලිලා
ලොව අඳුරෙ සරනා...
පොකුරු ගැහෙනා තරු රෑනේ
එළිය දෙයි සිතුවා
පුංචි තරුවක් පායාලා
මග කියයි හිතුවා....
මග දකින්නට දිහා බැලුවත්
තරුව මග හැරිලා...
අරුන්දතියත් පායාලා
රිවිකිරන වැටිලා
අහසෙ දිදුලන තරුත් නැහැ
කොහේදැයි සිතුනා...
මුළුමනින් ඒ මායාවෝ
දුකම බව දැනුනා.
...