Saturday, 24 March 2012

නොපෙනෙන තියෙන දෙය



පැතුවේ දියබිඳක් තොල් අග පිපාසෙට
ලැබුනේ සමුදුරක් ලුනු රසයෙන් පිරුනු
නොගිලී ඉන්ට නම් බැරි වෙයි දියඹයට
නොපතමි යලිත් දියබිඳකුදු මලත් මම

පැතුවේ සැනසිල්ල මද පවනකින් හැමූ
ලැබුවේ වැනසිල්ල මහ මේඝයක් කෙරූ
සිතුවේ අඳුර නසනා සොමි සඳ පාන
ගැලුවේ ඉඩෝරය දෙන ගිනි හිරුමඩල

පැතුවේ අහස සේ මැයි එහි අනන්තය
සිතුවේ පොලොව සේ මැයි එහි අනන්තය
ගිලුනේ ගලන ගුණ මුහුදේ පතුලේම
සිහිනය එළිඋනේ රුදු මරු කතරේම...

Thursday, 1 March 2012

සිහින කතර



සිහින ලස්සනයි
ඒත් හැබෑවක් නෑ..
සිහින සුන්දරයි
ඒත් සොබාවක් නැහැ..
සිහින ගැබ්බරයි
ඒත් ප්‍රසූතිය නැහැ
සිහින මල් වගෙයි
ඒත් සුගන්ධය නැහැ..

කතර බියකරුයි
ඉමක් කොනක් එහි නැහැ
කතර බිහිසුනුයි
පොද වැස්සකුදු නැහැ
කතර නිරයක් වගෙයි
විපාකෙන් නොතොරයි
කතර සිත වගෙයි
දුකින් මිදීමක් නැහැ...

සිහින මායාවක් වගෙයි
පෙනෙන නර්තන නැහැ
කතර මායාවක් වගේ
දිය බිඳක් එහි නෑ