Sunday, 19 February 2012

මේ ලොව මනරම්



මේ ලොව මනරම්
කීවද කෙතරම්
හැඬුවා ඇති තරම්
දැනුනි හද ගැහෙන තරම්...

තනිවම ඉන්නට ...සිතුනත් හැමකල
කවුරුන් හෝ විත්..බිඳියි ඒ තනිකම
ආසයි ඉන්නට
මනරම් තනිකම
හැමදාමත් ලඟ
නොබිඳී සිටින විට

Sunday, 12 February 2012

කැඩපත



කැඩපතට මුකුලු කල
ගිලිහෙන සලුව විසිරෙන
ඉඟසුග....
නලල රැළි නංවන
නරකෙසක සේයාව දුටු
බියරැඳුනු දෙනයන
සසර දුක කැන්දන
රූපයේ චමත්කාරය නම් වන
මිරිඟුව...
තණ අගක රඳුනු කල සේ
දිලිසෙන පිණි බින්දුව
දක්වයි මායාව
හොඳින් ඔපවත්කල කැඩපත

Thursday, 9 February 2012

සිරිපොද වැස්සට



සිරිපොද වැස්සට තෙමි තෙමි හිනැහෙන
මල්පොකුරක් සේ ආදරෙන්
මා ඔබ නෙතලඟ නතරව ඉන්නම්
කල්ප ගනන් වුව රත්තරන්..
ඔබේ ආදරය රත්තරන්....

හසරක් නොදැනෙන ඉමක් කොනක් නැති
සිතිවිලි සාගරයේ
පහන් ටැඹක් සේ මඟ හෙලි කරදෙන‍‍
ඔබේ ආදරය රත්තරන්...

කුනාටු මුහුදකි රුදු මරු කතරකි
මගෙ මුලු ජීවීතයේ..
පොද වැස්සක් විය රිවි කිරණක් විය
ඔබේ ආදරය රත්තරන්..

ගේය පදයක් ලෙස ලියවුනු මගේ කවිය



ගේය පදයක් ලෙස ලියවුනු මගේ කවිය

ඔබ සරා සදිසි වතයි
පුන්සඳ පෝදා වගෙයි
මගේ ලොවේ අඳුර නසන පහන්තරුව ඔබයි..
ඔබ සරා සදිසි වතයි...

මම අමාවකට රැයයි
ඒ රැය පුරාම දුකයි
කණාමැදිරි එළි පමණක් ගේ පුරාම දුවයි
තනියහනේ එළිවෙන්නට කල්ප ගනන් ගෙවෙයි
මේ රැය තවමත් හඩයි...

ඔබ නැතිදා රැය දිගයි
ඒ රැය නිදිනැති වගයි
ලොවේ කොතැන හිටියත් ඔබ මගෙම කියා හිතෙයි
ඔබ අන්සතු බවක් සිතට
කිසිදාවත් නොඑයි
මේ සිත තවමත් ඔබෙයි...