හෙමින් ඇදී හිස් අහසේ

 



හෙමින් ඇදී හිස් අහසේ අයාලෙ පාවීපාවී
හෙමින් ඇදී හිස් අහසේ අයාලෙ පාවීපාවී
වළාකුලක් සේ බොඳවෙලා මැකී ගියා ඔබ රහසේ
වළාකුලක් සේ බොඳවෙලා මැකී ගියා ඔබ රහසේ
නොසිතූව පරිදී සිතාහුන් සියල්ල යයි ගිලිහී
නොසිතූව පරිදී සිතාහුන් සියල්ල යයි ගිලිහී
ඔබේ සමීපේ...ගෙවූ ඒ..
කාලය කඳුලින් නිමවේ...
ඔබේ සමීපේ...ගෙවූ ඒ..
කාලය කඳුලින් නිමවේ...

හෙමින් ඇවිත් නලල් තලේ සිඹින්නෙ ඇයි සුළඟේ
දෙනෙත් දිහාම බලා
මුනිවත සනහා දෙකොපුල් නහවන්නේ
අමතක වී ගිය හදපිරි සෙනෙහස පාගා දමා මෙසේ
ලොවෙන් වසන්වෙවී
පහන් සිලක් නැති මේ අඳුරේ
සිතේ නිධන් කරන් ගෙන ආ සසර පුරා තිබුදේ
ප්‍රේම සුසානේ...මෙතැනවේ..
මිහිදන් කර යමු රහසේ
ප්‍රේම පුරානේ...යලි නොඒ..
අවසන් ගමන් ගියාවේ

හෙමින් ඇදී හිස් අහසේ අයාලෙ පාවීපාවී
වළාකුලක් සේ බොඳවෙවී මැකී ගියා ඔබ රහසේ
නොසිතූව පරිදී සිතා හුන්
සියල්ල ඉසිරී විසිරී
ඔබේ සමීපේ..නතරවී..ගෙවූ ඒ.. කාලය නිමවේ...
ඔබේ සමීපේ..ගෙවූ ඒ..කාලය කඳුලින් නිමවේ...
හෙමින් ඇදී හිස් අහසේ අයාලෙ පාවීපාවී
හෙමින් ඇදී හිස් අහසේ අයාලෙ පාවීපාවී

****පද රචනය-ගායනය**
***jayantha colombage**


ප්‍රකට හින්දි ගීතයක්වූ “khabi khabi“ ගීතයේ තනුවට සංගීතයට පදරචනය කොට ගයන්නට ගත් උත්සාහයක්.
මෙතැනින් ගීතය ශ්‍රවණය කරන්න


Post a Comment

0 Comments