සුවදෙන සිත සැනසුම්

සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම් ...
සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම් ...
සුරංගනාවන් ගෙනා සිහින වැල්



සුරංගනාවන් ගෙනා සිහින වැල්
දිවෙයි දිවෙයි වන හිසේ වැදී
අම මිහිරකි ලොව රස පෙම්
සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම්
රහස් කතාවක් ඇසෙයි ඇසෙයි දැන්
රහස් කතාවක් ඇසෙයි ඇසෙයි
ඈත සුළං රැළිවලින් මිදී
අම මිහිරකි ලොව රස පෙම්
සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම්

සිහින් වලා සළුවලින් වැසී 
සිහින් වලා සළුවලින් වැසී 
කඳු කොමලියන්ගෙ ඔද වැඩී වැඩී
කඳු කොමලියන්ගෙ ඔද වැඩී වැඩී
හොරෙන් බලයි අප දිහා විටින් විට
හොරෙන් බලයි අප දිහා විටින් විට
රස සාගරයේ....................
රස සාගරයේ කිඳී කිඳී
අම මිහිරකි ලොව රස පෙම්
සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම්
===================
පදරචනය -ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය- පන්ඩිත් අමරදේව
සහාය ගායනය- රුක්මණි දේවි
1965 වර්ෂයේදි

Post a Comment

0 Comments