මේ ගඟ ගලන්නේ මොන කන්දක සිට ද - විමලරත්න කුමාරගේ කිවියාගේ කවක්


විමලරත්න කුමාරගම කිවියා විසින් රචිත
මෙම කවි පන්තිය ජීවිතය සහ සංසාරය
ගැන ධ්වනිත කෙරෙන පැදිපෙලකි. මෙහි
ව්‍යංගාර්ථය සහ රූපක භාවිතාව බෙහෙවින්
සිත්ගන්නා සුළු බවක් පෙනේ.

මේ ගඟ ගලන්නේ මොන කන්දක    සිට ද
මේ දිය නිදා ගන්නේ මොන දවසට         ද 
එගොඩින් එහා ඇති මොන වාගේ     රට ද 
මෙගොඩට වඩා එගොඩත් හරියට     යට ද 

මුල මැද දෙකම මේ ගංගාවේ          ගැඹුරු යි 
මැද ඇති සලා ගල්පර ආදිය             රුදුරු යි 
එගොඩින් එහා සැනසිලි ඇති රට      අඳුරු යි 
මෙගොඩට වඩා එගොඩ තොට ළඟ ගැඹුරු යි 

හැම ගංගාවක්‌ම මහමුහුදට            යේ ද 
මුහුදට යන්න කෙතරම් කල්     ගතවේ ද 
මුහුදට වැටෙන තැන නම් බියකරු නේ ද 
එතැනට ගියොත් මේ ඔරුවත් පෙරළේ ද


1 comment:

  1. සසර ගැන නේද කියවෙන්නේ ​?

    ReplyDelete

Comments