බැඳි බැඳි ආයේ ජාතී ජාතී
බැඳි බැඳි ආයේ ජාතී ජාතී
මේ ඉරනම් දුක ආයේ ආයේ
සපුරාලූ දවසක් නැහැ සිතැඟී

බැඳි සෙනෙහස නම් පැතු සුවසහනේ
නැත විසඳුම් එහි මයි හද බිඳුනේ
නෙත කඳුලැලි නම් නිති මුව දෙව්වේ
සාගර ජලයට නැහැ වැඩි වූයේ
සැඩ පවනට සසැලෙන පහන් සිලෙන්
ඇයිදෝ අඳුරට එළියක් පැතුවේ

පොදි බැඳ බැඳ සෙනෙහස වෙනුවෙන් ඒ
දිව රෑ දුන් රැකවල් කෝ මතකේ
දිවි පුදකොට දිවි මෙන් රැකි සෙනෙහේ
හිරු දුටු පිණි බිඳසේ යයි වියැකී
මේ තරමට කෘතගුණ නැති ලෝකේ
ඇයිදෝ පවසට දියබිඳු සෙව්වේ

දිවමතුරක් වේ මුව තෙපුල් පවන්
සනහාලූ කල සිත් සතන් පහන්
වැනසුනු දා ගිනිගෙන හැදූ විමන්
මරුකතරකි ඉම නැති දැවෙන සොවින්
ඇති දේ නැතිවී යනවිට ලෝකේ
ඇයි හිරු සඳු අහසින් ගිලිහෙන්නේ

පදරචනය - ගායනය - jayantha colombage

 මොහොමඩ් රාෆි විසින් ගායනා කල ප්‍රකට හින්දි ගීතයක්වූ

“Babul Ki Dua Ye Leti Ja“ ගීතයේ තනුවට සංගීතයට පදරචනය කොට ගයන්නට ගත්  උත්සාහයක්.

මෙතැනින් ගීතය ශ්‍රවණය කරන්න



Post a Comment

0 Comments