දෙනුවන් බිඟුන් දැලේ

 

දෙනුවන් බිඟුන් දැලේ
පැටලී දැහැන් සුවේ
දරාගමිදෝ..
සඳවත නිවේ නිවේ
මේ කුළුවලින් වැසේ
නුඹේ සිනහා..කඳුලක් නැගේ නැගේ

රාත්‍රිය දිගුවී සඳ සැඟවෙයි
එය නුඹෙ වත මෙන් අඳුරුයි දැන්
ඇසිපිය නොසලන්
දැහැන බිඳෙයි සැලුනෝතින්
දරාගමිදෝ
දෙනුවන් බිඟුන් දැලේ

ආදරයම සාගරය වැනි
එහි පත්ලෙහි සැඟවෙමි නොපෙනී
සුසුමන් නොහෙලන්..දැහැන බිඳෙයි සැලුනෝතින්
දරාඉමිදෝ
දෙනුවන් බිඟුන් දැලේ

පදරචනය-ගායනය - jayantha colombage

ප්‍රකට හින්දි ගීතයක්වූ හේමන්ත් කුමාර් ගැයූ “ Yeh Nain Dare Dare “  ගීතයේ තනුව


මෙතැනින් අසන්න


Post a Comment

0 Comments