කතරේ කතරේ අඳුරේ අඳුරේ

මදර් ඉන්දියා හින්දි චිත්‍රපටයේ ප්‍රකට ගීතයක් වන -නගරේ නගරේ ද්වාරේ ද්වාරේ- ගීතයේ තනුවට ම විසින් ලියූ ගේය පද රචනයක්.



කතරේ කතරේ අඳුරේ අඳුරේ
සංසාරේ එනවා යනවා
කතරේ කතරේ අඳුරේ අඳුරේ
සංසාරේ එනවා යනවා
හමුවී වෙන්වී ඉපැදී මියැදී
තාමත් සසරේ වැලපෙනවා
කතරේ කතරේ අඳුරේ අඳුරේ
සංසාරේ එනවා යනවා

වැලිකැට ගානේ බණත් අහන්නැති
තරුකැට ගානේ බුදුන් දකින්නැති
මහමෙර තරමට මල් පිදුවා...
එනමුත් තවමත් බරපොදි හිස මත
ආශාවෙන් මත් වී ඇලිලා
ද්වේශෙන් රත්වීලා ගැටිලා
යලි යලි ඉපදෙයි යලි යලි මියයයි
නෑ සසරෙන් තව ගැලවීලා
කතරේ කතරේ අඳුරේ අඳුරේ
සංසාරේ එනවා යනවා

මේ බර උසුලා කොතැනක යන්නේ
ජාති ජාති යලි ණය වන්නේ
ජාති ජාති එය විඳවන්නේ
බැඳුනු බැඳුනු තැන සිපිරි ගෙයක් වෙයි
ගැලවීමක් නැතිවා වෙන්නේ
මළපුඩුවට ගෙල සිර වන්නේ
ලෝකය මේකයි සසර දුකක්මයි
නෑ කිසිදා සැප ගෙන දීලා
කතරේ කතරේ අඳුරේ අඳුරේ
සංසාරේ එනවා යනවා

සදෙව් ලෝකවල දෙවියන් වී ඇති
හතර අපායෙත් ඉපදීලා..
ජීවිත ගනනක් පසුකරලා
කොතැන උපන්නත් මරණය උරුමයි
නෑ කිසිවෙක් ඉන් ගැලවීලා
නෑ කිසිවෙක් ඉන් ගැලවීලා
මියෙන උපන් තැන සැනසීමක් නැත
දුක පමණක් ඇත හිමිවීලා
කතරේ කතරේ අඳුරේ අඳුරේ
සංසාරේ එනවා යනවා
හමුවී වෙන්වී ඉපැදී මියැදී
තාමත් සසරේ වැලපෙනවා
කතරේ කතරේ අඳුරේ අඳුරේ

සංසාරේ එනවා යනවා

Post a Comment

0 Comments