ජීවිතේ නදියකි -





ජීවිතේ නදියකි
නොනැවතී බැස යති....
ප්‍රේමයත් කුසුමකි
පෙති ලෙහී පරවෙතී...
සෝ සුසුම් මදනලේ
ඒ සුවඳ පා වෙති
ඉවුරු ගං හා නොවී
ඉම ලඟින් නිම වෙති



ඉඳුවරත් සැලි සැලී
නිල් නුවන් හා වෙති
සන්තොසින් හිනැහුනත්
යම් දිනක් එළැඹෙති
අවසඳෙන් අඩ සඳත්
ගෙවි ගෙවී වියැකෙති
යා යුතුයි සමු අරන්
ප්‍රේමයෙන් වෙන් වෙලා
ජීවිතෙන් නික්මෙති........

වෙණ තතක් හැඬවෙලා
රන් සරෙන් මත් වෙති
මධු බඳුන් ඉතිරුනත්
යම් දිනක් එළැඹෙති
පිය තෙපුල් නැවතිලා
රත් දෙතොල් පියවිලා
යා යුතුයි සමු අරන්
පෙම් කුසුම් පරවෙති
ජීවිතෙන් වෙන් වෙති.

පදරචනය-ගායනය- ජයන්ත කොළඹගේ

මෙතැනින් ශ්‍රවණය කරන්න



Post a Comment

0 Comments