පබලු නගේ නාමල් තිලකේ


විශාරද ගුණදාස කපුගේ විසින් ගැයූ 
අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න විසින් පබැඳූ
අතිශයින් සංවේදී විරහ ගීයක්

පබලු නගේ නාමල් තිලකේ .. 
පුංචි ඔසරි මැණිකේ... 
සුමනෝ.... 

උඹ ඇයි නැත්තේ... 
වැවේ දියේ ඇති නිකින් නිණිල්ලේ.. 
අඩහඳ යායට කෙකෙටිය පිපිලා.. 
වැව් කන්දේ බෝගස් හෙවනේ... 
මම අද තනියම ඔළිඳ ගනිනවා 
වෙනදා වාගෙම තල මල පිපිලා 
තිබුණට ඇල ළඟ වත්තේ 
සුමනෝ.. 
උඹ ඇයි නැත්තේ...
මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ.. 
මිහින්තලා ගල පැත්තේ ….. 
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා.. 
පහන් දෙකක එලි මැද්දේ ….. 
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇල 
ඒදන්ඩේ ඉස්මත්තේ … 
සුමනෝ..... 
උඹ ඇයි නැත්තේ... 
සුමනෝ..... 
උඹ ඇයි නැත්තේ...

පදරචනය - නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න

සංගීතය සහ ගායනය - විශාරද ගුණදාස කපුගේ


Post a Comment

0 Comments