හීන හතක් මැද විමනක් සැදුණයි


හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි


නීල නුවන් ගැබ සෝක වලාවෝ
නීල නුවන් ගැබ සෝක වලාවෝ
වේදනාව ගෙන හද අඹරෝරේ
ඈතින් පොර තෙරපී ඇඹරේ
දෑසෙ කඳුලු වැල් රූරා වැගිරේ

අකාලයේ වැසි දිය ඇද හැලිලා
සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා
වාසනාවෙ මල් අකලට මැරුණයි
ප්‍රේම ලෝක රන් මන්දිර කැඩුණයි

හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි

ගැටවරයෝ චිත්‍රපටියට ඇතුලත් ගීයක්.මෙය ලතා වල්පොල 
ශිල්පිනියගේ හඬින් මෙන්ම පණ්ඩිත් අමරදේවයන්ගේ 
හඬින්ද තැටිගතවී ඇත.
ගායනය - ලතා වල්පොල / ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය - ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද - මඩවල එස්. රත්නායක




Post a Comment

0 Comments