දිව්‍යමය තුල්සි හෙවත් මදුරුතලා

 


ඉන්දියාවේ බ්‍රාහ්මණ සමාජීයය හින්දු සංස්කෘතිය තුල තුල්සි හෙවත් මදුරුතලා පිලිබඳව විවිධ හින්දු ආගමික මතිමතාන්තර වගේම එහි ඇති ඖෂධීය ගුණය සහ ආයුර්වේදික වටිනාකම පිලිබඳව විශිෂ්ඨ ඇගයීමක් අදටත් පවතී. 

සන්ධ්‍යා ගුග්නානි නම්  සුප්‍රසිද්ධ ඉන්දියානු පෝෂණවේදිනියක සඳහන් කරන පරිදි, තුල්සි වල ඇති ගුණාත්මක වටිනාකම තුල බැක්ටීරියා සහ දිලීර නාශකයක් ලෙස වේගයෙන් ක්‍රියාත්මක වීමේ  හැකියාවක් අන්තර්ගත වන අතර, මිනිස් සිරුරේ ලේ ධාතුව පිරිසිදු කිරීමටද විශාල හැකියාවක් ඇති බැව් පවසන්නීය. ඊට අමතරව හිස්කෙස් සහ සම නිරෝගීමත්ව දීප්තිමත්ව තබා ගැනීමට එය උපකාරයක් වන අතර, ප්‍රතිශක්තිය වඩාත් ඉහළ නංවමින් සිරුර ජරාවට පත්ව වයසට යාමේ ප්‍රවණතාවය අඩුකරයි. සන්ධ්‍යා ගුග්නානි පරිදි මෙහි ඇති විශේෂ ගුණය නම් තුල්සි හෙවත් මදුරුතලා ශාක සාරය මිනිස් සිරුරේ ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කර ශරීරගත සීනි ප්‍රමාණය අඩුකරමින් දියවැඩියා රෝගයට පිලියමක් ලෙස ක්‍රියා කරයි.

                           වැඩි විස්තර මෙතැනින් කියවන්න




Post a Comment

0 Comments