මහඑළිතැන්න (හෝර්ටන් තැන්න) – ශ්රී ලංකාවේ විශිෂ්ට පරිසර හා ඓතිහාසික ස්ථානය

 අන්තර්ගතය-

මෙම ලිපියෙන් මහඑළිතැන්න හෙවත් හෝර්ටන් තැන්නේ භූගෝලීය, පාරිසරික, ජෛව විවිධත්ව සහ ඓතිහාසික වැදගත්කම් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.  මහඑළිතැන්න, හෝර්ටන් තැන්න, ශ්‍රී ලාංකීය ජාතික වනෝද්‍යානය, ජෛව විවිධත්වය, පරිසර සංරක්ෂණය, ඓතිහාසික පර්යේෂණ, කඳුකර වනාන්තර, ජල මාර්ග.


 

 

                                       හෝර්ටන් තැන්න දැව පාලම                   

 හැඳින්වීම

මහඑළිතැන්න හෙවත් හෝර්ටන් තැන්න යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය හා උව පළාත්වල පිහිටි විශාලතම නිදහස් වනන්තර පද්ධතියකි. එය ශ්‍රී ලංකාවේ ජාතික උයනක් බවට පත්ව ඇති අතර දැක්මට අතිශය සුන්දර, විශිෂ්ට ජෛවවිවිධතාවයක් සහිත ආරාක්ෂිත භූමි ප්‍රදේශයක් වේ. මෙම තැන්න පළාතෙහි කඳුකර හරහා විහිදී ඇත. මහඑළිය ජාතික වනෝද්‍යාන භූමිය හෙක්ටයාර 18,000කින් පමණ වන අතර මහ එළියේ ජෛව පද්ධති 4කින් යුක්ත වේ. හෝර්ටන් තැන්නේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ වේ.

පරිසර පද්ධති

  • කඳුකර වළාකුළු වනාන්තර (Montane cloud forests)
  • තෘණ භූමි (Grasslands)
  • වගුරු (Bogs)
  • විල්ලු (Shallow wetlands)

 

                          හොර්ටන් තැන්නේ මහරත්මල්

                      photo credit -https://commons.wikimedia.org/

 

                                      

 ඓතිහාසික තොරතුරු

ලෝකයේ එවකට පැවති  අයිස් යුගයේ අවසානය හෙවත්  ප්ලයිස්ටොසීන යුගයේදී අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පැවති පාරිසරක සහ ජෛව විද්‍යාත්මක කරුනු බොහෝමයක් හෝර්ටන් තැන්න ආශ්‍රිතව සොයාගෙන ඇත. 2006 වසරේදී කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පස්චාත් උපාධි ආයතනයේ විද්‍යාඥයෙකු වන ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක මහතා විසින් ඉදිරිපත් කල "The emergence of early agriculture in the Horton Plains, central Sri Lanka" පර්යේෂණ නිබන්ධනයට අනුව මෙසේ කරුණු කෙටියෙන් දැක්වේ.

1 බලංගොඩ මානවයා මීට වසර 30000 කට පෙර ශිලා මෙවලම් නිර්මානය කිරීමේ හැකියාවෙන් යුක්තව සිටි අතර බලංගොඩ මානවයාගේ ශිලා මෙවලම් හෝර්ටන් තැන්නෙන් හමුවී ඇත.

2 හෝර්ටන් තැන්නේ පස් සාම්පල වල  පාෂාණිභූත පරාග (මල් රේණු ) 5000  ක්‍රි.පූ මීට වසර 7000කට  අයත් බවට හඳු1නාගෙන ඇත.

3 මීට වසර 7000කට පෙර හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයා විසින් හේන් ගොවිතැන් සහ  වීවගාව කර ඇති බවත්, එය හේන් ක්‍රමයට(slash & burn cultivation) සිදුකර ඇති බවත්, මම බෝග පරාග අතර කැලෑ සහල්වලට (wild rice) අයත් පරාගද හමුවී ඇති බැව් සඳහන් වේ.

4 (අදින් වසර 16,000-17,000ට පෙර) එනම් ක්‍රි.පූ 15,000-14,000 පමණ, බලංගොඩ මානවයා හෝර්ටන් තැන්න ආශ්‍රිතව බාර්ලි සහ ඕට්ස් වගා කොට ඇති බවට විශ්වාස කෙරේ.

5 පර්යේෂණ සාධක අනුව මධ්‍යය ශිලා යුගයේ ආදී මානවයා (Mesolithc Man) හෝර්ටන් තැන්නෙහි ජීවත්ව සිටි අතර, පසුව ඔවුන් කෘෂිකර්මන්තයට පිවිසුනු බවත්, සොයාගෙන ඇත.

6 පරිසර උෂ්ණත්වය ඉහළ යාමේ හේතුවෙන් මීට අවුරුදු 9000 කට පමණ පෙර ඇතිවූ අධික වර්ශාපතනයේ හේතුවෙන් හෝර්ටන් තැන්නෙහි විවිධ තැන්වල විශාල ජලාශ ඇතිවූ බවටද සොයාගෙන තිබේ.

see more in english

https://dhammapathsl.blogspot.com/2025/10/from-horton-plains-in-sri-lanka-to-edge.html#more 

 

photo credit -https://commons.wikimedia.org/

 

 භූගෝලීය පිහිටීම

  • හෝර්ටන් තැන්න ශ්‍රී ලංකාවේ මැද කඳුකර පලාතේ (Central Province) නුවරඑළිය හා උව පළාත්වල පිහිටි උසස් කඳුකරයක් වන අතර, උස අවට 2,100-2,300 මීටර් අතර වේ. ප්‍රධාන පිවිසුම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පටිට්පොල හා උව පලාතේ ඔහිය ප්‍රදේශය අතර පිහිටා ඇත. හෝර්ටන් තැන්නෙන් මහවැලි, කැළණි සහ වලවේ මහ ගංගා වැනි ප්‍රධාන ජළ මාර්ග ආරම්භ වේ.
  • මෙහි තිබෙන වනාන්තරික ජල මාර්ග ගංගා මගින් පලාත් තුනට ජල සපයයි
  • මෙය උතුරු, දකුණු සහ බටහිර ලෙස පැතිරී සිටිමින් ත්‍රිකෝණාකාරව ගලා යන කඳුකර තැන්නකි.

මිලිමීටර් 5000 පමණ වාර්ෂික වර්ෂාපතනයකට හිමිකම් කියයි. හෝර්ටන් තැන්නේ උෂ්ණත්ව සාමාන්‍යය සෙන්ටිග්‍රේඩ් අංශක 15ඩ පමණ වන අතර, දෙසැම්බර් ජනවාරි අතර කාලයේදී එය සෙන්ටිග්‍රේඩ් අංශක  2 සිට 3 දක්වා පහත බසින බවත් එවිට  හිම තුහිණ (frost) දැකගන්නට හැකියාව ඇති බවත් සඳහන් වේ.

ජලපෝෂක දායකත්වය

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගංගා තුනක් වන මහවැලි, කැළණි, වළවේ යන ගංගාවල ආරම්භය හෙවත්, මුල් ජලපෝෂක ප්‍රදේශ්‍ය වන්නේ මහඑළිතැන්න හෙවත් හෝර්ටන් තැන්නයි. එනම් ආගාර ඔයෙන් මහවැලියද, බගවන්තගාව ඔයෙන් කැළණි ගංගාවද, බෙළිහුල් ඔයෙන් වළවේ ගංගාවද ආරම්භක ජලපෝෂණය ලබාගනියි.

ශ්‍රීලංකාවේ උසම කඳුමුදුන් දායකත්වය

ශ්‍රීලංකාවේ උසම කන්ද පිදුරුතලාගල කඳුමුදුන වන අතර, එය නුවරඑළියේ පිහිටා ඇති අතර, උසින් දෙවැනි සහ තුන්වැනි ස්ථානයන් ගන්නා කිරිගල්පොත්ත සහ තොටුපල කන්ද පිහිටා ඇත්තේ මහඑළිතැන්න හෙවත් හෝර්ටන් තැන්නට අයත් භූමි ප්‍රදේශයේමය


ශාඛවර්ග
  • බිනර මල්
  • මහරත්මල්
  • නෙලූ (Strobilanthes)
  • වල්කුරුඳු (Wild cinnamon)
  • කුරු උණ (Dwarf bamboo)
  • කීන (Calophyllum walkeri)
  • පොල්කටු ගහ (Elephant ear tree)
  • වැරැල්ල (Cyclosorus interruptus)
  • කිකුරිය (Pennisetum clandestinum)
  • මීවන ශාක
  • වල් කදුරු (Innamounonalifolium)
  • දඹ (Syzygium ravolutum)

 

                                             photo credit -https://commons.wikimedia.org/


සත්ව ජීවවිවිධත්වය

අතීතයේදී මහඑළිතැන්න හෙවත් හෝර්ටන් තැන්නේ අලි ඇතුන් විශාල ප්‍රමාණයක් ජීවත්ව සිටි බවට ශාක්ෂි සාධක ඇතත්, අද අලි ඇතුන් එම ප්‍රදේශයේ දක්නට නැත. ඒ වෙනුවට ලංකා දිවියන්, ගෝනුන්, වළසුන්, කළු වඳුරන්, දඬුලේනුන්, රතු උණහපුළුවන්, රිළවුන් ආදී සත්ත්වයන් බහුල වශයෙන් ජීවත් වේ.

පාරිසරික හා විද්‍යාත්මක වැදගත්කම

  • මහඑලිතැන්න ශ්‍රී ලංකාවේ හරිත පෝෂණය සහ ජල සම්පාදනය සඳහා මූලිකත්වයක් ලබා දී ඇති ස්ථානයකි.
  • මෙහි වනාන්තර වර්ගවල පරිණාමනික පර්යේෂණ, සත්ව හා පකර්ක ජීවීන් පිළිබඳ විද්‍යාත්මක සමීක්ෂණ සහ පරිසර සංරක්ෂණ කාර්යයන් සිදු වේ.
  • මහඑලිතැන්න ප්‍රදේශය වන විට වෘක්ෂ, කොටු, මැහුම් හා පක්ෂි වර්ග අති විශිෂ්ට පෙළගස් විවිධත්වයක් ඇත.
  • පරිසර විද්‍යාඥයන් මෙහි ජෛවවිවිධතාවය මැනීමට හා රක්ෂා කිරීමට ක්‍රියාත්මක වේ.
  • වනාන්තරයේ කාහිනික උෂ්ණත්වය සාමාන්‍යයෙන් 20°C - 28°C අතර, වාරකාලික වැසි නිසා පසුගිය කාලයකදී කොන්දේසි ඉතා හොඳින් පවත්වාගෙන යයි.
  • CO2 තවත් ජෛව වායු කාබන් අඩු කිරීමේදී මහඑලිතැන්න වැදගත් කාර්යයක් ඉටු කරයි.


සංරක්ෂණය සහ සංවර්ධන උත්සාහ

  • හඑලිතැන්න ජාත්‍යන්තර පරිසර ආරක්ෂණ මට්ටමක සිටින සංකීර්ණ පරිසරයකි.
  • රජයේ හා පෞද්ගලික සංවර්ධන ව්‍යාපෘති සමඟ එක්වම එම ප්‍රදේශයේ ජෛව විවිධත්වය සහ පාරිසරික සම්පත රැක ගැනීමට කටයුතු කරන ලදී.
  • ස්ථායි අභිවර්ධන සැලසුම්, සංචාරක තැනැත්තන්ට හිතකරව වනාන්තර නඩත්තුව සහ සුරැකුම් වැඩසටහන් ද සක්‍රීයව ක්‍රියාත්මක වේ.
  • දේශීය මධ්‍යස්ථානවල පුරා සත්තු ආරක්ෂණ කේන්ද්‍ර ගොඩනැගී ඇත.
  • විවිධ පර්යේෂකයින් සහ පරිසර සංරක්ෂණ නියමයන් රාජ්‍ය හා පෞද්ගලික මණ්ඩලවලින් අනුග්‍රහයට ලක්ව ඇත.


සංචාරක වටිනාකම

හෝර්ටන් තැන්න යනු සොබාදහමට ආදරය කරන්නන්, කඳු නගින්නන්, පක්ෂි නිරීක්ෂකයින් සහ පරිසර සංචාරකයින් සඳහා ජනප්‍රිය ගමනාන්තයකි.

කැපී පෙනෙන ආකර්ෂණයන් අතරට පරිදර්ශක දර්ශන සහිත නාටකාකාර "ලෝකාන්තය" කඳු බෑවුම, බේකර්ස් දිය ඇල්ල,  වනාන්තර සහ තෘණ බිම් හරහා විවිධ ඇවිදීමේ මංපෙත් ඇතුළත් වේ.

සන්සුන් විචිත්‍ර හුදෙකලා පරිසරය මානසික හා ශාරීරික යහපැවැත්මට සහාය වන සිහිය, භාවනාව සහ එළිමහන් ක්‍රියාකාරකම් දිරිමත් කරයි.

අවම පාරිසරික බලපෑමක් සහිත තිරසාර සංචාරක ව්‍යාපාරයට සහාය වීම සඳහා පහසුකම් නිර්මාණය කර ඇත.

උද්‍යානය ශ්‍රී ලංකාවේ පාරිසරික සංචාරක ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයයි.

 

මූලාශ්‍ර

1.    Horton Plains National Park, From Wikipedia

2.    හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය

3.    ගෝන තැන්න, විද්‍යා ගවේෂණ (ටෙරන්ස් කහපොල ආරච්චි)

4.    BIODIVERSITY BASELINE SURVEY:HORTON PLAINS NATIONAL PARK Contributors: S.M.D. Ajantha U. De Alwis (Fish), P. Nihal Dayawansa (Herpetofauna), Ric How (Data Analysis), B.M.P. Singhakumara (Plants), Devaka Weerakoon (Birds), Mayuri R. Wijesinghe (Mammals), Editor: Michael J.B. Green, March 2007 

5.    SYNCHRONIZED FLOWERING AND MASTING BEHAVIOR OF STROBILANTHES (NELU), Yasoja Athugala 

 


 

 







No comments:

Post a Comment

Comments