අන්තර්ගතය
ජීවිතය පිරිහීම, පිරිහීමට හේතු සහ පිරිහෙන්නට නොදී කලයුතු දෙය, ආදිය පිලිබඳව, මහාමංගල සූත්‍රය, පරාභව සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය ආදිය.
හැඳින්වීම
යමෙකුගේ පිරිහීම කීප ආකාරයකින් දැක්විය හැකිය. අධ්‍යාත්මික සහ ගුණධර්ම පිරිහීම, ආර්ථිකය පිරිහීම, නිරෝගීකම අතින් පිරිහීම, පුද්ගලයකු ලෙස සමාජීයය වශයෙන් පිරිහීම. පුද්ගල පිරිහීමට හේතු රාශියක් තිබේ. ජීවිතය අර්ථවත් ලෙස ගත නොකර කාලය නිකරුනේ වැය කරන කෙනා අතින් තමාගේ පිරිහීම සිදු වේ. විශේෂයෙන් මෙම කාරණා සඳහන් කලේ සාමාන්‍ය ජීවිත ගත කරන ගිහි අය සඳහාය.
බුදුදහමේ පුද්ගල පරිහානියට හේතු මෙසේය.
01 අසත්පුරුෂ ඇසුර ප්‍රියවීම. සත්පුරුෂයන් ප්‍රිය නොකිරීම. අසත්පුරුෂයන්ගේ විනාශකාරී දහම ප්‍රියකිරීම.
.02 අධික ලෙස නිදාගැනීමට ප්‍රිය වීම
03 බොහෝ පිරිස් මැද නිරන්තරයෙන් දොඩවමින් සිටින්නට ප්‍රියවීම
04 අලසවීම, කම්මැලි වීම
05 වීර්යය උත්සාහය නොමැති වීම
06 නිරන්තරයෙන් ක්‍රෝධ කිරීම. කෝපයට පත්වීම.
07 දෙමාපියන්ට නොසැලකීම.උපස්ථාන නොකිරීම.
08 භික්ෂූන් හෝ පූජකයන් හෝ බොරුවෙන් රැවටීම
09 කෙතරම් වත්පොහොසත් කම් තිබුනත් ඒවා තනිවම භුක්ති විඳීම
10 තමන්ගේ ජාතිය, ධනය, කුලය පිලිබඳව අධිතක්සේරුව මාන්නය
11 අධික ලෙස අනියම් ස්ත්‍රී / පුරුෂ ඇසුරට ඇබ්බැහි වීම.
12 අධික ලෙස මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම
13 සූදුවට ඇබ්බැහි වීම.
ඉහත සාධක හේතුවෙන් යමෙකුගේ අධ්‍යාත්මික සහ ගුණධර්ම පිරිහීම, ආර්ථිකය පිරිහීම, නිරෝගීකම අතින් පිරිහීම, පුද්ගලයකු ලෙස සමාජීයය වශයෙන් පිරිහීම සිදුවෙයි.
-පරාභව සූත්‍රය-
පුද්ගලයෙකුගේ විනාශවීමේ මාර්ග
1ප්‍රාණඝාතය
2 නොදුන් දේ ගැනීම හෙවත් සොරකම
3 වැරදි කාම සේවනය
4 බොරුකීම
මෙම විනාශකාරී පිලිවෙත නිසා පුද්ලයාගේ ජීවිතය කිලිටිවී විනාශයට පත්වෙයි.
සිගාලෝවාද සූත්‍රය -
එමෙන්ම තවත් විශේෂ සාධක හතරකින්ද පුද්ගලයා විනාශ වේ.
1. කැමැත්ත
2. භය
3. නොදන්නාකම
4. ද්වේශය
පුද්ගලයා කැමැත්ත නිසා අගතියට පාපී ක්‍රියාවන් කරයි. ද්වේෂය නිසා පාපී ක්‍රියාවන් කරයි. මෝහය නිසා පාපී ක්‍රියාවන් කරයි. භය නිසා පාපී ක්‍රියාවන් කරයි.
පරිහානියට පත්නොවී සිටීමට
1 බාලයන් ඇසුරු නොකිරීම
2 පණ්ඩිතයන් ඇසුරු කිරීම
3 ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගෞරව කිරීම
4 සාමකාමි ගුණවන්ත සුදුසු පරිසරයක ජීවත් වීම.
5 පෙර පින් හෙවත් පූර්ව කුසල සම්පත් වලින් යුක්ත වීම.
6 දෙමාපියන් රැකබලා ගැනීම
7 අඹුදරුවන් නිසිලෙස පෝෂණය කිරීම.
8 ඥාතීන්ට හොඳින් සැලකීම
9 බොහෝ විෂයයන් ඉගෙන ගැනීම. විවිධ වෘත්තීන් ප්‍රගුණ කිරීම
10 දසකුසල ධර්මය සහ ආර්යය අෂ්ඨාංගික මාර්ගය පිලිපැදීම
මහාමංගල සූත්‍රය -
සමාජය පිරිහීමට මුල්වන පහත් පුද්ගලයා හඳුනා ගැනීම
v යමෙක් ඉක්මනින් දැඩි කෝපයට පත් වෙයිද
v යමෙක් බද්ධ වෛරයෙන් පසුවෙයිද
v අනුන්ගේ හොඳ නම කීර්තිනාමය කෙලෙසන කෙනෙක් වෙත්ද
v මායාවෙන් පිරුනු විකෘති දෘශ්ඨි ඇති අයෙක් වෙත්ද
v යමෙක් ප්‍රාණඝාතයේ යෙදෙයිද
v සියලු සත්ත්වයන් කෙරෙහි දයාවක් අනුකම්පවක් නැතිද
v නොදුන් දේ සොර සිතින් ගනිත්ද
v ණය ගෙවීම පැහැර හරියිද
v අනුන් සතු දේ බලෙන් පැහැර ගනියිද
v මුදලට හෝ වෙනත් හේතුවකට බොරු ශාක්ෂි දෙත්ද
v යමෙක් අනාචාරයේ හැසිරෙයිද
v මව් පියන් පෝෂණය නොකරයිද
v මව්පියන්ට, සහෝදරයන්ට, ඥාතීන්ට ක්‍රෝධ කරයිද
v සත්‍ය සඟවයිද
එම පුද්ගලයා පිරිහීමට ලක්වන වසලයෙක් බව සඳහන් වේ.
වසල සූත්‍රය-
මූලාශ්‍ර
1 වසල සූත්‍රය
2 ව්‍යග්ගපජ්ජ සූත්‍රය
3.සිගාලොවාද සූත්‍රය
4 මහාමංගල සූත්‍රය
ඡායාරූප අනුග්‍රහය
1 https://pixabay.com/
No comments:
Post a Comment