අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්
පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
මීවිත උතුරා යයි......
අවුල් දුහුල්වල සිහිල් පහස්මැද
රඟනා රංගන නොනවත්වනු මැන
ඒ ගී හඬ මුළු ජීවිතයම සතු
රසබර සුළු මොහොතයි සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ
හෙට දින එය මිය යයි ..මිය යයි....
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායකයන්
Great song
ReplyDeleteNo comments...
ReplyDelete