වීඩියෝව මෙතැනින්
බුදුදහම සහ ආගමික දර්ශනය පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි විග්‍රහය / Sinhala and English analysis of Buddhism and religious philosophy
ගිලෙම් ඔබේ ගුණ මුහුදේ
ඉපිද මැරේ යලි ඉපදේ
දෑස වසා සිටියා
සොඳුර නුඹ මට
ගීයක මහිම - දියට බැස සඳ
ගීයක මහිම - ඔබෙයි මගෙයි මේ සෙනෙහස
ඔබෙයි මගෙයි මේ සෙනෙහස
සංසාරේ පුරුද්දක්ද
අශෝක මාලාව මමයි
ඔබ සාලිය කුමරු නේද....
ඔබෙයි මගෙයි මේ සෙනෙහස
සංසාරේ පුරුද්දක්ද
ඒ සාලිය කුමරු මමයි
ඔබ අශෝක මාලාමද
සිය දහස් වර ...
කළු වළාවෙන් යට වූ ප්‍රේමය
මං පණ වගේ ආදරෙයි..
පුංචි දඟකාරියේ..
රණ තිසරින්දු ලියතඹරින්දු
පෙති ගිලිහියේ..
ගැයූ විහඟ ගීය කෝ...
බඹරුන් දබර කල සිතේ දිය බොර වී
බඹර විෂ තුඩු ඇනී පෙති හැකිලිලා..
රිදුනු දෙකොපොලින් හැඬුවේ..
තවමත් නුඹ
ආදරය නොහඳුනන නිසාද??
ප්‍රේමය සඟවා ගත් සිතක
නෙතු හැකිලිලා..
ඒත්...
නුඹ කුරුළු ගී රාවයෙන් තෙරපිලා
සෙවූ සෙනෙහස ලැබුනාද..
නුඹට නොදැනුනාට
නුඹට මං පණ වගේ ආදරෙයි
(වීඩියෝව පහලින් බලන්න)
(වීඩියෝව පහලින් බලන්න)
මා මල පසු
ඔබේ අත් අකුරින්
මා මළ පසු
දුක්
ගීයක්
ලියනු මැනවි..
එතකොට
ඒ ගී රාවය
යාන්තමින්
මට
ඇසේවි
(වීඩියෝව මෙතැනින් බලන්න)
ගීයක මහිම - මේ ගී කාටදැයි
ප්‍යාර්කා මෝසම් චිත්‍රපටයේ එන මේ ගීත දෙක බලන්න
එම හින්දි තනුව අනුව H.R.ජෝතිපාල ගායන ශිල්පියා ගැයූ මෙම ගීතයද රස විඳින්න
ගීයක මහිම - සුදුපාට මීදුම්
ජුක් ගයා ආස්මාන් චිත්‍රපටයෙහි අඩංගු මෙම ගීය
මොහොම්මද් රාෆී විසින් ගයනු ලැබූ අතර මෙහි
සංගීත නිර්මානය ශංකර් ජායිකිෂන් විසිනි.
එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටය වෙනුවෙන් මෙම ගීය
නිර්මාණය වෙලා තිබුනා..
මොහොම්මද් රාෆී විසින් ගයනු ලැබූ අතර මෙහි
සංගීත නිර්මානය ශංකර් ජායිකිෂන් විසිනි.
එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටය වෙනුවෙන් මෙම ගීය
නිර්මාණය වෙලා තිබුනා..
ගීයක මහිම - සිඳී බිඳී ආදරේ
මෙම ගීතයේ මුල් හින්දි ගීය අඩංගු උනේ
අජ්නබ් චිත්‍රපටයේයි. එහි රඟපෑවා
රාජේෂ් ඛන්නා සහ සීනත් අමාන්
අජ්නබ් චිත්‍රපටයේයි. එහි රඟපෑවා
රාජේෂ් ඛන්නා සහ සීනත් අමාන්
එම තනුව ඇසුරෙන් සිංහල ගීයක් නිරමාණය වී තිබුනු අතර බෙහෙවින්
ජනප්‍රිය වූ එය කවීෂ කවිරාජ් සහ ශානිකා වනිගසේකර විසින් ගයනු ලැබුවා.මේ වීඩියෝවේ අඩංගු වන්නේ කවීෂ විසින් ප්‍රසංගයකදී එම ගීය ගයනු ලබන අයුරුයි.
සතුට රැගෙන යලි වඩින්න
මේ සඳමයි අසිරිය දුටුවේ
දෑල විදාහල දෑත මගේ
රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි...
කිරිළිය සේ දුර පියා සලාලා
අත්තටු බිඳුනා පමණයි
දෑල විදාහල දෑත මගේ
ඔහුටත් ඔබටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැගී
කළුවර වෙයි විජිතයම මගේ...
කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත්වී පා වෙන්නේ
ඔහුගෙන් දෝ.. ඔබගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ....
රචනය- අජන්තා රණසිංහ
සංගීතය- සරත් දසනායක
ගායනය- නන්දා මාලනි
මම සස්වාමිකයි ස්වාමි.
නිම්හිම් සෙව්වා මම
සෙනෙහසේ නගරය
Subscribe to:
Comments (Atom)























