බෞද්ධ උපමා කථා -01


බෞද්ධ උපමා නමින් වෙනම විෂයක් ත්‍රිපිටක ධර්මයට ඇතුළත් නොවේ. නමුත් බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරන විට විවිධ ආශ්චර්යමත් උපමා රැසක් සිය දේශනාවලට ඇතුළත් කර ඇත. බුදුදහම ශ්‍රේෂ්ඨ දර්ශනයක් ලෙසත් අනුගමනය කළ යුතු මාර්ගයක් ලෙසත් උගන්වද්දී බුදුරජානන් වහන්සේ මේ උපමා යොදාගෙන දර්මය දේශනා කර ඇති බව ත්‍රිපිටකයෙන් පැහැදිලි වේ. 

බුදුන්ගේ අවවාදය

ස්වයංසිද්ධ නිදහස් චින්තනය සඳහා, ඔබ සැක කළ යුතුය. ඔබ ඇසිය යුතුයි. ඔබ අන්තයට නොවැටිය යුතුය. පරම්පරාවකින් එන නිසා ඕනෑම අදහසක් පිළිගත යුතු නැහැ. එය තර්කයෙන් නොගත යුතුය. න්‍යාය අනුව නොගත යුතුයි. ගුරුවරු  කී පමණින් නොගත යුතුයි. එය  පොත්වලින් පමණක් ගත යුතු නොවේ. මෙය එසේ යැයි සිතිය යුතු නැත. හේතුව ඵලය විමසා බලා එය වැටහෙන්නේ නම් එය පිළිගත යුතුය.

බෞද්ධ උපමාවල දක්නට ලැබෙන විශේෂත්වය නම් එම උපමාවලට විෂය වන සිදුවීම් සහ ප්‍රස්තුත ජීවිතයට හා ජීවන ක්‍රියාකාරකම්වලට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වන පරිදි සකස් කර තිබීමයි. එය ජීවිතයට හැඩගස්වා ගැනීමේදී සමස්ත මිනිස් ප්‍රජාවගේම හැසිරීම් රටාව තේරුම් ගැනීමට හැකි වේ. ඒවා ගැඹුරින් විමසා බැලුවහොත් ඔබට වැටහෙනු ඇත්තේ බෞද්ධ උපමා යනු බුද්ධ දේශනාවේ අඩංගු ඉගැන්වීම් සමඟ ඒකාබද්ධ වූ තවත් සන්නිවේදන ක්‍රමයක් බවයි. මේ එවන් තවත් විශිෂ්ට බෞද්ධ උපමාවකි.


දිනක් එක්තරා ඉබ්බෙක් සවස් වරුවේ ගං ඉවුරක් අසලින් ආහාර සොයමින් ඇවිදිමින් සිටියේය. එසේම එක්තරා නරියෙක්ද සවස් කාලයේ ගං ඉවුර අසල ආහාර සොයමින් සිටියේය. නරියා ඈතින් එනු දුටු ඉබ්බාට සිතුනේ නරියා තමා ගොදුරු කර ගන්නට එන බවයි. එහෙම හිතලා ඉබ්බා ඔළුවයි අතපය හතරයි කටුවට දාලා කිසිම ආයාසයකින් තොරව නිශ්ශබ්ද වුණා. මේ ඉබ්බා ඈත ඉඳන් දැකපු නරියා හිතුවා මේ ඉබ්බා කටුවෙන් ඔළුව හෝ අතපය හෝ මොකක් හෝ පිටතට දැම්මොත් වහා කඩාගෙන කනවා කියලා. එහෙත් නරියාගේ අරමුණ තේරුම් ගත් ඉබ්බා නරියා පිටව යන තුරු හිස ඇතුළු අවයව කටුවෙන් පිටතට නොගෙන ඉවසීමෙන් බලා සිටියේය. ඉබ්බා තමන්ගෙ අදහස් අනුව ක්‍රියා නොකළ නිසා නරියා බලාපොරොත්තු කඩව යන්නට ගියේය.

උපමාවේ තේරුම

මිනිස් ජීවිතයේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යනු ඉබ්බාගේ හිස සහ අත් පා හතරය. මෙම ඇස කණ නාසය දිව කය මනස යනු මාරයාගේම උගුලක් බව ධර්මයෙහි සඳහන් වේ.  නරියා යනු විවිධාකාර  රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ විවිධ සිතුවිලි ය. සවිඥානික දැනුවත්භාවයකින් තොරව මෙම වස්තූන් ගැන මුලාවට පත්වීමෙන්, ඒ බාහිර අරමුණු කෙරෙහි නිරන්තරයෙන් ඇදී යාමෙන්  සිත කුසල් හෝ අකුසල් සිතුවිලි වලට වැටේ. සිතින් නිතරම පහළ වන සිතිවිලි අනුව ක්‍රියා කිරීමෙන් අකුසලයට ගොදුරු වේ. විඤ්ඤාණය හෙවත් මනස මායා කරුවෙකු වැනිය. ඒ නිසා ඉබ්බා සිය අවයව පරිස්සමෙන් සඟවා ගන්නවා සේම මේ බාහිර අරමුනු පිලිබදව මනසේ හටගන්නා ත්‍රිවිධ විතර්කයන්, එනම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක පිලිබඳව සිහියෙන් සහ නුවනින් යුක්තව ප්‍රවේසම් විය යුතුයි. "සමොදහන් භික්ඛු මනො විතක්කෙ" යනුවෙන් බුදුරජානන් වදාලේ ඒනිසයි. ඉබ්බා තමන්ගේ හිස සහ අවයව හතර කටුව තුල සඟවා ගන්නා සේ මහනෙනි (ගිහි පැවිදි) මේ බාහිර අරමුනු නිසා සිතේ හටගන්නා ත්‍රිවිධ විතර්කයන් මෙනෙහි නොකර හකුලා ගන්න. එවිට එයින් සසර දුකට හේතු වන කර්ම හට නොගනියි.

මෙතැනට පිවිස බලන්න

-සංයුත්ත නිකාය/කුම්මෝපම සූත්‍රය-



Post a Comment

0 Comments