මොකට එමල සිඹිනවාද...





පින්න වැටෙනවා එලියේ
ලන්දට සඳ පායන කොට
රෑ සියොතුන් ගයන හඩට
නින්ද නොමැති බැව් නොදැනුනි...


කමකට නැති හිතිවිලි ලඟ
හඩා වැටෙන හද ගැස්මට
තරවටු කර ඒ ගී හඩ
තවතව උස් හඩින් ගැයෙද....

මන්දාරම් අහස වගෙයි
නෙතු පියවිලි අග මැදියම
මොකට ඉතින් හඩනවාද
නෑසෙන කෝකිල නාදෙට...

වෙරලේ පා ලකුණු වගෙයි
මලගිය ඊයේ මතකය....
මොකට ඉතින් තැවෙනවාද
සිතිවිලි චිතකයෙ දැවෙද්දි.....

විසුල කුසුම් නෑ තියෙන්නෙ
හැමදාමත් නටු අද්දර
පරවී යන බව දැන දැන
මොකට එමල සිඹිනවාද...

Post a Comment

0 Comments