Saturday, 10 June 2017

අඳුර විනිවිද එළිය ගලනා






අඳුර විනිවිද එළිය ගලනා
එළිය සිඳ බිඳ අඳුර එතෙනා
නිබඳ ජීවිතය එතැනයි
විශ්වයෙහි පැවතුමක තිබෙනා...


සදානන්දය සොය සොයා
පහන් දල්වනු ඇත සදා
පහන් එළි ලඟ ලඟම දැවටෙයි
අඳුර ඒ ගිනි සිළ වටා.........

එළිය අඳුරෙන් වෙන් කරනු බැහැ
අඳුර එළියෙන් මුදවගනු බැහැ
එළිය අඳුරට බැඳි බැඳී
අඳුර එළියට ගැටි ගැටී......


No comments:

Post a Comment