Sunday, 26 March 2017

නුඹ මා අතර අහසත් පොලොවත් දුරය..

පෙර ජාතී කල හින්දද අකුසලය
මඟ හැර නොහැකි ලෙස එන්නේ මේ දුකය..
යායුතු මඟද ඉමකොන නැති දිසාවය
නුඹ මා අතර අහසත් පොලොවත් දුරය..


පීදුනු මල් මිට මිට ගානේ පිදුවත්
සුවඳක් නොවෙයි ජීවිතයට නැත අරුතක්
හබලත් බිඳුනු ඔරුකඳ මෙනි කොයි කොතැනත්
නුඹ මා දෙපස දෑලකි තුරු ගලන ගඟත්.....

ඉරු බැස ගෙන ගිය පසුවයි සඳ එන්නේ
සඳු බැස ගෙන ගිය පසු හිරු පායන්නේ
ඉඳහිට සැදෑ අහසට යුගලම එන්නේ
නුඹ මා එලෙසදෝ සසරේ හමු වන්නේ....

No comments:

Post a Comment