Sunday, 26 March 2017

අසුන්දරද මේ තරමට

අසුන්දරද මේ තරමට
සුන්දරත්වයේ ඇතුලත
දැවටුවාම දේදුන්නක
වැහි වළාකුලක්....වැහි වළාකුලක්..

නිමේශයද අසුරු සැනද
සුන්දරත්වයේ කාලය
තණපත මත රැඳී සිටින
සීත පිණි බිඳක්...සීත පිණි බිඳක්.....

කඨොර පොලොව හඬාවීද
මහාමේඝයෙන් තෙමුනම
සප්ත මහා සයුරු පවා
උසුලන පොලොවක්..උසුලන පොලොවක්..
ඉඳ හිට එන සේද වළා
දැවටුනාට ගිරිහිස මත
ගෙවී යයිද කිසිදා එය
අහස මෙන් උසක්....අහස මෙන් උසක්...

No comments:

Post a Comment