Sunday, 26 March 2017

මගේ සඳ මට දෙන්න


මගේ සඳ මට දෙන්න
තරු පොකුරු ඔබ ගන්න
සඳ සිසිල මගෙ වෙන්න
සැනකෙලිය ඔබ ගන්න...
හදේ කොතැනක වුවද
දුකඳුරට සඳ එන්න......
පිනි පොදක තැවරෙනා
නිමල බව ගෙන දෙන්න...

ඇති වෙවී නැතිව යන
ලෝකයට සඳ එන්න
එක සැනක් මගෙ වෙලා
නිරුද්ධව බැස යන්න.....

කල්ප කල් ගෙව ගෙවා
උන්නා ඇති සඳ එන්න
තව කල්ප ගෙවෙන තුරු
මගෙ නොවන බව දන්න....

No comments:

Post a Comment