Sunday, 26 March 2017

චන්ද කිණ්ණරාවී

සොවින් තැවෙන වළාකුලක
ඉකිබිඳිනා පොදවැස්සේ
අනේ පහණ නිවා දමා
කොහි ගියේද සඳ සාවී...
චන්ද කිණ්ණරාවී............

නෙතඟ බැලුම් හකුළාගෙන
සක්මන් මළුවේ නතරව
සුළං රොදක තනිවම සෙලවෙයි
සඳළුතලාවේ සළු තිර.......

ගිරි මුදුනක වාඩි වෙලා
සුසුම් හෙලයි ඉකි බිදබිඳ
බවුන් වඩනු කෙලෙසක නුඹ
ආයෙ හැරී එයි සඳ සාවී.....
චන්ද කිණ්ණරාවී......

No comments:

Post a Comment