Sunday, 26 March 2017

කෙලෙස ගනිමිද සඳ මිදුලටම

බලා උන්නෙමි දිහා සඳ දෙස
කලාවම සොලොසක් පුරා.....
විත් අමාවක නතර වී යලි
සක්මනේ නියතය දිහා.....

පුරපසයි අවපසයි අභියස
නුඹත් අවරින් බැස ගියා
නතර වීමක් නොමැති ගමනක්
පුරා විශ්වයෙ පැතිරිලා.......

කෙලෙස ගනිමිද සඳ මිදුලටම
කොහේදෝ හිඳ තනිවෙලා
සසර ගමනත් මෙලෙස වූ කල
කෙලෙස මම නුඹ අපි වෙලා..
.

No comments:

Post a Comment