Sunday, 26 March 2017

තාමත් කිසිවක් සොයා ඇවිදිමින්...වටමළුවේ

පාට ගනන් කර තරු අහුලනවා
සීත සොමි රැසින් සඳ වෙවුලනවා
හිමගිර මුදුනෙත් හිරු ඇවිලෙනවා
කිම තාමත්.... අපි... අපව සොයනවා...


බිඳෙන බිඳෙන විට කැණිමඬලේ
දඬු යාකරනා....වඩුවා ගේ ඇතුලේ...
අපි දින ගනිමින් සුබපතමින් හිද
තාමත් දැවදඬු සොයා ඇවිදිමින් ..මහවනයේ...

රිදෙන රිදෙන විට හද මඬලේ
රඟන රැඟුම් මැද....ජීවිත රඟමඬලේ...
අපි තව සොයමින් ආලිංගන මැද
තාමත් කිසිවක් සොයා ඇවිදිමින්...වටමළුවේ

No comments:

Post a Comment