Sunday, 26 March 2017

සුලං දහර ගිලන් වගෙයි

සුලං දහර ගිලන් වගෙයි
දරාගන්න බැහැ සීතල
පාලු නිසල අඩසඳ එළියේ....
ඒ සඳ එළියද හිම කැට සේ
ඇඟේ වෙලෙන්නේ.....


වෙනදා සිලිසිලිය නැගූ
බෝ පත් අද සැලෙයි සැලෙයි
මාරුතයක් ලග එන බව
නෙවෙද කියන්නේ...........
ඒ මාරුතයට පෙර ඇවිදින්
පාර අසන්නේ..................

රන්දා ගෙන සසර පුරා
වින්දා බෝ දුක් සංකා
ආයෙත් ඒ දුකම නෙවෙද
පසුපස එන්නේ.............
මේ භවය ගෙවෙන්නට පෙර අපි
එතෙරට යන්නේ.....

No comments:

Post a Comment