Sunday, 26 March 2017

මන්දාරම

මන්දාරම මෙන් අඳුරුයි
ඒත් නෑනෙ වහින්නේ.........
අන්ධකාරයට මෙතරම්
ඇයි නුඹ පෙම් කරන්නේ.....

වළාවකට වැසී තිබෙන
තෙක් සඳ නැහැ පෙනෙන්නේ
වැසී තිබෙන තුරු නුඹ සිත
කෙලෙස කුකුස නිවෙන්නේ...

වදන් වලින් තනන රුසිරු
අරුමෝසම පෙනෙන්නේ
වදන් වලින් නොකී අරුත
නෙවෙද සොයා දුවන්නේ......
කවුළු පියන් හැර දැමුවම
කුටියෙ අඳුර නැසෙන්නේ
හද පතුලට කිමිදුනාම
දිනෙක නුඹව පෙනෙන්නේ......

No comments:

Post a Comment