Sunday, 26 March 2017

පියෙන් පියට සඳ දිය විත්

පියෙන් පියට සඳ දිය විත්
සිඳ ඝණඳුරු පවස..........
සිරිසඳ ලෙස සඳ ඇවිදින්
අවුලා මිණි තොරණ....
මත් ගිජිඳුන් කන්තල දුන්
පවනින් බඳු සුළඟ.......
රහසින් විත් කරතත් හෙළි
සසරෙහි පෙර වරුන........

වාතලයෙහි රැව්දෙනවා
තාමත් හඬ සොඳුරු......
නිසාවමිය සඟවාලයි
හෙලූ සුසුම් සයුරු.......
රුවල් ඉරුනු ඔරුවකි මෙය
බිඳුනු හබල් අතැති....
තාමත් රළ පෙලේ නැගී
සොයනව නිම්වළලු......

හමු වී වෙන් උන වාරෙට
ඉපදී මිය ඇදුනූ.....
හෙලූ කඳුළු පරදාලයි
ජලකඳ සත් සයුරු...
හිමිවී ඇති වාර ගනන
අතැඟිලි ගෙන ගැනුන
අහිමි බවට උපමා නැත
විශ්වය මෙන් පරන.....

No comments:

Post a Comment