මා නොවන මම
මගෙ නොවන තැන
නුඹ මගේ යැයි
නුඹම කිව්වට......
සොයා ආවත් පවස නිවනට
නුඹත් පවසින් ගිලන් වී ඇත...
මගෙ නොවන තැන
නුඹ මගේ යැයි
නුඹම කිව්වට......
සොයා ආවත් පවස නිවනට
නුඹත් පවසින් ගිලන් වී ඇත...
සල් රුකක සල්
මල් සුවඳ දෙයි
පරව යන දා
ගසද අහිමිව
සොයා ආවත් ඔසුව නුඹගෙන්
ගිලන් යහනෙහි නුඹත් වැතිරී.....
මල් සුවඳ දෙයි
පරව යන දා
ගසද අහිමිව
සොයා ආවත් ඔසුව නුඹගෙන්
ගිලන් යහනෙහි නුඹත් වැතිරී.....
යනෙන මංපෙත
නොදැන හුන්නෙමි
නුඹෙන් යන මග
අසා ආවෙමි
සොයන මග කෙලෙසක ලැබෙන්නෙද
නුඹද හසරක් නැතිව ලතැවෙයි...
නොදැන හුන්නෙමි
නුඹෙන් යන මග
අසා ආවෙමි
සොයන මග කෙලෙසක ලැබෙන්නෙද
නුඹද හසරක් නැතිව ලතැවෙයි...
No comments:
Post a Comment