Sunday, 26 March 2017

මහ මුහුද ගොඩ ගලාවී

තැවරෙනා පිනිස මොහොතක්
නුඹට අතවනා..............
ලංවෙලා හිඳිනු පිනිසත්
සිහින රෑ ගෙනා..............

පිනි බිඳක ගලන සිසිලක්
නිතර සිහිවෙනා...........
එ සිසිල සිහින කෙතරම්
කලක් පවතිනා............

නැග නැග මුදුනත හිමගිරි පව්වට
ජයගෙන යන්නට මරණය දැක දැක++

......................................
අත නඟා තුමුල අහසෙත්
විසුල තරු දිහා....
මහ පොලොවෙ ඉඳන් දුරමයි
මුදුනෙ අහසටා...................
සිඹ සිඹ ගිරිහිස ලා හිරු රැස් වැද
ගිනියම් වන බව දවසක පැමිනෙන++

.......................................
හිමගිරත් දියව යාවි
ශිඛර ඇවිලිලා.....
මහ මුහුද ගොඩ ගලාවී
හිමත් දියවෙලා........

No comments:

Post a Comment