Saturday, 3 September 2016

නුඹ නැතිදා රැය දිගයි



ඔබ සරා සදිසි වතයි
පුන්සඳ පෝදා වගෙයි
මම අමාවකට රැයයි
ඒ රැය පුරාම දුකයි


කණාමැදිරි එළි පමණක් ගේ පුරාම දුවයි
නින්ද නොමැති රැය බිඳෙන්න කල්ප ගනන් ගෙවෙයි
නුඹ අහස පුරා හිඳයි තනියට තරු පිරිවරයි
රැය ගෙවුනට හිරු ආවට අහස නුඹට හිමියි.....

නුඹ නැතිදා රැය දිගයි ඒ රැය නිදිනැති වගයි
ලොවේ කොතැන හිටියත් නුඹ මගෙම කියා හිතෙයි
නුඹ අන්සතු බව හැඟෙයි මට හිමි නැති වග සැබැයි
ඒ හින්දා සිහින සොයමි සිහිනද මට නොඑයි.....

No comments:

Post a Comment