Saturday, 3 September 2016

සිඹිනවද බිම් මල්...



බිමෙහි වැතිරී දසත වැලපී
සොයනවද නුඹ මල්..
බිමෙහි දසඅත දුකෙන් සැතපී
සිඹිනවද බිම් මල්...


හිසට ඉහලින් අහස පිරිමැද
දිලෙනවා තරු මල්..
දසත විසිරුනු පෙති ගොඩක් මෙනි
පෙනෙනවා පරමල්..

උපන් නූපන් කැකුළු කොඳ මල්
පිපෙනවා තවමත්.......
පිපුනු විපුලැති කෙතෙක් වෙද මල්
නැසෙනවා කවදත්.......

මුසාවක් මය සුවඳ විසිරෙන
සිතක එය මනරම්......
සුවඳ විතරක් මතක අරගෙන
තිබේවිද හැම කල්.......

සිඹින තරමට පිපුනු බිම්මල්
සුවඳ දැයි ඔතරම්..............
සුවඳ ලඟ නවතින්න බැරි කොට
පිපුනි ඇයි මල් මල්....

No comments:

Post a Comment