Saturday, 3 September 2016

නුඹ නටඹුන් නුවරක් වී


හෙමින් .....හෙමින්....හෙමින්...හෙමින්....
දුහුලැල් සළුවක් සේ
ඇඟේ එතෙන පවන් රොදේ.....
නුඹ සිහි කරවා....යයි.........
නුඹ ගිය සේමා....................


සඳකඩ පහනක් මත්තේ දෙපා තබයි නුඹ හෙමිහිට
ලියවැල් පෑගී නොරිදුනු හංස පංති බලා හිඳියි......
මුරගල් නැගුනා සේ මා....නුඹ එනතුරු බලා හිඳිමි..
නුඹ නටඹුන් නුවරක් වී අතීතයට ගිය දිහාව......

නුවර වීදියක් ගානේ දෙපා රිදෙන තුරු ඇවිදිමි
කල්ප කාලයක් ගෙවුනත් තාමත් නෑ නුඹ දුටුවේ......
නුවර දොරටු වැසුනා සේ....යන යන තැන නුඹ නොදකිමි
නුඹ නම් මඳපවන් රොදකි අතීතයට හමා ඇදෙන.....

No comments:

Post a Comment