Saturday, 3 September 2016

අහස පොලොව එක්වේවිද මතු කාලේ.....




දෑල වෙනස් උස්මිටි කම් ඇතුවාට
බෝ සේ උතුම් සෙනෙහස් ගඟ ගැලුවාම...
පාට බොරළු නිල්මිනි යැයි දුටුවාම
දෑලවරක ඇදෙනා ගග සුමිහිරිද..............


කැලේ තිබෙන කොයි ඒවත් රසය එදා
දෙනුවර ඇති සල්පිල් ලග මැකෙයි මෙදා....
ගව්වෙන් ගව්ව සෑදුව මාලිගා එදා
වැල්ලේ තැනුව මන්දිර සේ විසුනු වෙලා....

නෑර කැටුව ආවට මුලු සංසාරේ
වීද දෙසිත යම් දවසක එක තාලේ
කාලේ ගමන කොයි කාටත් එක වාගේ
අහස පොලොව එක්වේවිද මතු කාලේ.....

ඇසුනිද වෙන නදක් මුවගින් මිහිරි එදා
නැගුනිද ඝෝෂයක් දෙසවන් සලිත වෙලා
කොතැනක වුවත් අනියත බව දකින තැනා
ගග නම් ගලන්නේ දෙවුරක් මැදින් තමා.....

No comments:

Post a Comment