Wednesday, 5 August 2015

එපා හිතුන විට වෙසඟන



වූවෙමි මම නුඹෙ හසඟන
ජීවිත කරලියෙ නළඟන
බැරි කල ආ විට දෙවඟන
එපා හිතුන විට වෙසඟන


සුරඟන වෙස් හල මැදියම
සඳ නැති මැදි රැය විලසය
ඇඳුරිය තුල ඇති සුසුමක
ඉපදෙන නවදැළි වැඳිරිය

ජීවිතයම උන අරුමෝසම
සත්‍යයෙ වෙස් ගත් බොරුවම
නොසන්සිඳෙන සා පවසට
කෙලෙස ගෙනෙද දිය සයුරෙන

No comments:

Post a Comment