Wednesday, 5 August 2015

ඈත භවයක කෙදිනක හෝ නුඹ



සිහින් සරින් මුමුණන ගී සින්දූ
මතකයෙන් විත් හද පාරනවා.....
ඈත භවයක කෙදිනක හෝ නුඹ
මා නළවා ඇති බවක් දැනෙනවා...


නාඳුනනා ඔබ මෙතෙක් නොදුටු ඔබ
තවමත් සෙවනැලි මතක තනනවා...
කොහෙන් සොයන්නද මෑත භවය තුල
මේ හිස්බව හදවත තෙරපනවා......

නුඹ හිනැහෙන විට කිංකිණි සලලා
එදා හිනාවම අදත් ඇහෙනවා......
පියමැන යන විට මිරිවැඩි සලලා
පාද නූපුර සැලෙනු දැනෙනවා....

අද කොතැනක හෝ ඇති නුඹ ගාවා
මතකය තවමත් ඇතිවද මන්දා...
එබඳු බවක් ඇති එබඳු හඬක් ඇති
සුළඟ පවා මා සිත රවටනවා......

No comments:

Post a Comment