Sunday, 2 August 2015

සොලොස් සඳවත යලි නැගේවිද‍‍


රැහැන් තදකල දැහැන් බිඳහල
සොලොස් සඳවත යලි නැගේවිද‍‍...
කොපුල් තෙමී ගිය මත් ගිජිඳකු ලෙස
සැලෙන සිත ලඟ යලි හඬාවිද.....


දෙගිඩියාවට අයාලේ ගිය
සුසුමෙ උණුසුම මග හැරේවිද
සීතලෙන් කැටි ගැහෙන ලේ බිඳු
යලිත් උණුසුම ගැන හඬාවිද....

කුසට අහරක් ලැබෙන විටකදි
දිවට රසයක් ගැන සිතාවිද
හිසට සෙවණක් ලැබෙන තැනකදි
සඳළු තලයක් ගොඩ නගාවිද....

සඳට අහසක් තිබුනු පමණට
අහස සඳටම අයත් වේවිද
ලෝකයෙහි ජීවිතය ගෙවුනට
ලෝකයම ජීවිතය වේවිද.....

උපත උපතින් නිමාවන විට
ඉදිරියට එන එකම මරණය
සතුට නිමවා නික්ම යනවිට
ඉතිරිවන දුක සැපත වේවිද....

No comments:

Post a Comment