Sunday, 2 August 2015

නොමිදුනෙමු යකුගෙන්


යක්ෂයා සිරකල
ලෙන් දොරෙහි මුදුනෙහි
නුඹේ හද මැදුරෙහි
වහලෙක් කල මා....
භවගමන ගිම්හාන 
වස්සාන වසන්තය පුරා
සොයා ලතැවෙන්නෙමි
නිවහල් ප්‍රේමයක්..........


මගේ පා බැඳ දමා 
යදම් වලටත් තදින්
මා දෑස බැඳ දමා
මෝහ ඝන තිමිරෙන්
දෙසවනම සිරකලා
මනමෝහන ස්වරයෙන්
ජ්වලිත කලා කය
රාග සැඩ ගින්නෙන්....

යක්ෂයා සිනාසෙයි
ලෙන් දොරට මැද්දෙන්
යදම් බිඳගත් විටදි
සොයා එයි සැනෙකින්...

අපි කිසිවෙක් තවම
නොමිදුනෙමු යකුගෙන්
ඌ බැඳ දමා ඇති කල
තවම අපි නිදුකින්
යම් විටෙක යකු පැමිණ
වසඟයට ගනු ඇතිද
එතැනින් පටන් අප 
යක් පැටවුන් මෙනි 
ඇතිතතු පරිද්දෙන්...

No comments:

Post a Comment