Thursday, 11 June 2015

ඔබ තාමත් නිදි නිසොල්මනේ



ඔබ තාමත් නිදි නිසොල්මනේ
පුළුන්වළා යහන්තලේ
සඳ සැතපෙන සේ.....................
ඔබ තාමත් නිදි නිසොල්මනේ


මල් පෙති අරගෙන ඔබෙ ඉහ ඉද්දර
සුවඳ හමන්නට මම තැබුවා..........
ඔබ ඒ මල් ගෙන නින්දෙදි දෝතට
කැබලි කැබලි කර පොඩි කෙරුවා...
ඔබ තාමත් නිදි නිසොල්මනේ..........

මධු බඳුනක් ගෙන ඔබේ දෙතොල් මම
මධුපැන් බිඳ බිඳ තෙත් කෙරුවා
ඔබ ඒ බඳුනම නින්දෙන් අරගෙන
මගේ දෙපා මුල විසිරෙව්වා...........
ඔබ තාමත් නිදි නිසොල්මනේ...

ඔබට රහසින් කණට ලංවී 
නැලැවිලි ගීයක් මම ගැයුවා
සිහිනෙන් බිය වී විලාප නගමින්
ඔබ මා ඉවතට ඇද දැමුවා
ඔබ තාමත් නිදි නිසොල්මනේ...

2 comments:

  1. හ්ම්..මම හිතන්නේ ඔය කියන්න හදන්නේ විරහ වේදනාවක් ගැන වෙන්න ඇති.මම කිව්වේ මට දැනෙන දේ..හරිද මන්ද

    ReplyDelete
  2. ස්තුතියි...ඊට එහා ගිය යමක් තව තියෙනවා ජීවිත වල

    ReplyDelete