Thursday, 11 June 2015

නීල ආකාසේ…


මහරු සිත්තම් නිබඳ අඳිනා
මහා අවකාශේ….
මහා හිස්බව පමණි ඇත්තේ
නීල ආකාසේ…


වළාකුල් රූ පාව ගිය සඳ
යලි යලිත් රූ ඇඳෙයි ආකාසේ
නොරැඳි ඒ රූ යලිත් බොඳවෙන
පාළු ආකාසේ….

බදන්නට බැහැ වළාකුල් රොද
සිතේ තරමට රැඳෙන ආකාසේ
පාව ගිය කල අනන්තය වෙත
ඇදෙන ආකාසේ….

නෙතින් බැලුවත් නොතින් සෙනෙහස
නිනව්වක් නැති වගෙයි ආකාසේ
සුළං හමනා අතට ගිය කල
වළා නැති බව පෙනෙයි ආකාසේ…

මහා වියනක් සේ …
අපරිමිත වූ සේ
පෙනි පෙනී මුත් ඇසට නොගැටෙයි
නීල ආකාසේ..
හිස් තැනක් මය හිස් දෙයක් මය
නීල ආකාසේ…

No comments:

Post a Comment