Thursday, 11 June 2015

සක්විති රජෙ‍ඳෙක් වගේද තුන්සිත



තරුකැට ගිලිහුනු අහස වගෙයි නෙත්
වස්සානයෙ තෙත් පොලොව වගෙයි නෙත්
වාන් දොරටු හැරි වැවක් වගෙයි නෙත්
භද්‍රකල්පයම කරවනු ඇයි තෙත්


වැල්ලෙ තැනූ වැලි මාලිගාව තුල
සදාකාලයට ඉඩ සෙව්වේ ඇයි
දොරගුලු හැරදා ඉන්ද්‍ර චාපයෙන්
දොලොස් මහේ එළි සෙව්වේ ඇයි

පහන් තරුව දෙස බලා හිනැහුනත්
උදා තරුව තෙක් නිදි වැරුවේ ඇයි
කළුවර මහ රෑ දැල්වූ පහණත්
පාලොස්වක දා විසිකෙරුවේ ඇයි

පයට පයින් මැඩ සෙවනැලි ගාටා
සරණ සියොත් වළකන්ට ගියේ ඇයි
ඉන්ද්‍රජාලිකවු සිතිවිලි සේනා
නැගුනු කලට ජයගොස නැගුවේ ඇයි

සක්විති රජෙ‍ඳෙක් වගේද තුන්සිත
සිතිවිලි මුතුහර ගෙනේද අභිමන
මුලාව මේ යැයි දැනෙනා දිනයක
පමා නොවී විත් ලයට තුරුළු වෙද???

No comments:

Post a Comment