Friday, 12 June 2015

කිමද මේ තනිකම



කිමද මේ තනිකම
දෙනෝදාහක් මැද වුව
හඬන්නට සිත් දෙන
කියන්නට බැරි දුක......


ගිලන් වූ බව දැනෙයි හද තුල
පහන් කරවන කිසිත් නැති කල
කවුලු දොර ලඟ පාලුවක් මිස
පවන් පොදකුත් නැහැ ඇවිත් ලඟ.....

කාට කියමිද මේ තැවුල් බව
කුමන කරුණක් නිසා ආවද
පහන් පැල ලඟ රැය පහන් කල
පහන නිවිලා ගිය නියාවෙන..

1 comment: