Thursday, 11 June 2015

මා ආපසු යන්නට යනවා



මා ආපසු යන්නට යනවා
රැගෙන යන්නට කිසිත් නැති කල 
හිස් අතින් ආපසු යනවා......

පසුකර ගෙන ආ වස්සාන සමයෙහි
ගිල ගන්නට ආ ගිම්හාන සමයෙහි
ඇති තරම් තුටු උනා ඇති තරම් දුක් උනා..
ඒ සතුට ඒදුකද අතැර මෙහි මග දමා..


මා ආපසු යන්නට යනවා
රැගෙන යන්නට කිසිත් නැති කල 
හිස් අතින් ආපසු යනවා......

සෙනෙහෙ වැඩූ අය නොහොඳ වූ අය
කිසිවෙක් නැති මේ හෝරාවේ....
ඒ හැම ඈතින් ඈතටම ගිහින්
ප්‍රේමයද ද්වේශයද අතැර මෙහි මග දමා

මා ආපසු යන්නට යනවා
රැගෙන යන්නට කිසිත් නැති කල 
හිස් අතින් ආපසු යනවා......

No comments:

Post a Comment