Thursday, 11 June 2015

මා සොයන නුඹ තවම නැත්තේ



ගලා ගෙන යයි නදිය හෙමිහිට
සොයා ගෙන නිම් තෙර සයුරු ඉම
බලා හුන්නෙමි සිය දහස්වර
සොයා ඒ දැයි නුදුටු නෙතුවර....


චන්ද්‍ර මණ්ඩල ප්‍රභා රැස් ලඟ
චන්දකිණ්ණර වෙලා එදවස
හී පහර කෑ කින්නරා මම
ගං දෑලවර වෙලා අසරණ....

නුඹ ගියේ ඇයි නිරිඳු සමගම
මගේ මරණය දිහා බල බල.....
කිනම් වරදද ලෝ දහම තුල
දිනුම පැරදුම එක්ව එන්නේ

එක්ව වෙන්වන තැනට හැමවිට
උපත මරණය පෙරට එන්නේ........
සසර ගමනම නිමා වීලද
මා සොයන නුඹ තවම නැත්තේ

No comments:

Post a Comment