Friday, 22 May 2015

සිතුවමටම සිත රැවටුනා


ගත තුල ඇති සිත 
සිත සිතා........
සිත තුල ඇති රුව 
සොය සොයා...
හමුවෙන හමුවෙන රූ බලා
සිත තුල ඇති රුව සිත්තම් කලා...


ඒ සිතුවම දැක තුටු වෙලා
ඒ සිතුවමටම පෙම් කලා
සිතුවම බොඳවනු බල බලා
සිතුවම මත කඳුලැලි හෙලා....

දුටු දෙය සිතුවම යයි කියා
නොදැන අරුත දෙයි මම කියා
මම මගෙ මටමැයි කිය කියා
සිතුවමටම සිත රැවටුනා.......

No comments:

Post a Comment