Friday, 22 May 2015

කල ගුණ නොදත් ලොව ඇයි තව දිවා රැය


පහන් පැලේ මැටි පහනේ මළාණික
සිළු දැවුනේ ඇවිලෙන සෝ සුසුම්වල
නළලත තියා දෑඟිලි බැඳ යැදුම් යැද
නමස්කාර කල දෙවියෙකු මෙතුල නැත...


අගුවේ අගින් බේරෙන මහ වැහි වතුර
පරදයි නෙතින් ගලනා උණු කඳුලු ගඟ
උණුවෙන ලතෙත් ඇත්තන් වෙද ඇසෙන ඉම
කල ගුණ නොදත් ලොව ඇයි තව දිවා රැය.....

මහමෙර තරම ඉහිලුම් ගෙන නැගි කන්ද
මුදුනෙහි තැබූ ඉසිබුව නොදුටුව නින්ද
කැමති කැමති සැප ඇති පරමානන්ද
නොදිටිමි දිය බිඳක් වත් නැත මේ කන්ද....

No comments:

Post a Comment