Friday, 22 May 2015

සදානන්දය ද මේ



සදානන්දය ද මේ
‍දැවෙන සුසුමන් ගෙනෙන්නේ....
උත්කෘෂ්ධ පෙමද මේ
නෙතඟ කඳුලින් පුරන්නේ......

නන්දනීයයි සිතුන දේ
සන්තාපයෙන් පෙලෙන්නේ....
උන්මාදනීය වූ
වදන් මුනිවත රකින්නේ..........

ගොළු මුහුද දිගේ විත්
වියරු රළ පර හැපෙන්නේ
සදාකල් නොනිමි දුක 
බුර බුරා නැගෙන්නේ.....

පවන රළු වී ඇදෙන වේගෙට
කිසිත් නැහැ මග රැඳෙන්නේ
පවන කිසිදා චන්ඩ වේ යැයි
නොසිතු හින්දයි තැවෙන්නේ...

1 comment:

  1. mea tharam ridhum dhena
    wirahawak pabadhinna
    kawurundha numba nethata
    kandhulu muthu lan kale....

    ReplyDelete